ප්‍රතිලාභී තොරතුරු පැහැර හරින සමාගම්වලට දැඩි දඩුවම්

ප්‍රතිලාභී හිමිකාරීත්ව (Beneficial Ownership) තොරතුරු ලබාදීම පැහැර හැර ඇති සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව අවසන් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි

ඒ අනුව, අදාළ තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් වරදකරුවන් වන සමාගම්වලට රුපියල් ලක්ෂ 10කට නොවැඩි දඩයක් හෝ වසර 10කට නොවැඩි සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කළ හැකි බව දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඔක්තෝබර් 28 වැනිදා නිකුත් කළ නිවේදනයකින් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ අදාළ තොරතුරු ලබාදීම සඳහා ලබාදී තිබූ දීර්ඝ කළ කාලසීමාව ඔක්තෝබර් 21 වැනිදායින් අවසන් වූ බවයි.

මුලින් සැප්තැම්බර් 30 වැනිදා ලෙස නියම කර තිබූ අවසන් දිනය පසුව ඔක්තෝබර් 21 වැනිදා දක්වා දීර්ඝ  කෙරිණ

2007 අංක 7 දරන සමාගම් පනතට 2025 අංක 12 දරන සංශෝධන පනතට කළ සංශෝධන යටතේ මෙම තොරතුරු ලබාදීම නීතිමය අවශ්‍යතාවක් වෙයි.

සමාගමක අවසාන වශයෙන් හිමිකාරීත්වය දරන හෝ එය පාලනය කරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා මෙම සැබෑ ප්‍රතිලාභී හිමිකාරීත්ව තොරතුරු භාවිත කෙරේ.

අලි ඇතුන් 17ක් අවදානමේ Read Previous

අලි ඇතුන් 17ක් අවදානමේ

කඳු මුදුන් අතරින් මතුවන රන්වන් හිරු උදාව විඳින්න Read Next

කඳු මුදුන් අතරින් මතුවන රන්වන් හිරු උදාව විඳින්න

Realted Post

Leave a comment