මාරම්බරී පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආලින්දයට

හදවතක ජනිතවන ප්‍රේමය සම්මතද , අසම්මතද කියා වෙන්කළ හැකිද ? .එවන්වූ ප්‍රේමය, මනුෂ්‍යත්වය මෙන්ම විවාහ ජීවිතයේ ඇති සංකීර්ණභාවය මනාවට පැහැදිලි කරමින් ගොඩනැගෙන " මාරම්බරී" ටෙලි වෘත්තාන්තය , මානව සබඳතා කෙරෙහි නවමු කෝණයකින් බැලීමට ප්‍රේක්ෂකයා වෙත බලපෑම් කරනා නිර්මාණයකි . 

ප්‍රවීණ නිර්මාණවේදී අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන " මාරම්බරී " ටෙලි නාට්‍යය සතියේ දින පහේම රාත්‍රි 9.25 ට හිරු ටෙලිවිෂන් නාළිකාව ඔස්සේ විකාශනය වෙයි.ප්‍රියනාත් විදානපතිරණ පිටපත ලියා ඇති මාරම්බරී ,තුෂාන්ත චන්දිමගේ නිෂ්පාදනයකි.
 බිමල් ජයකොඩි, කළනි දොඩන්තැන්න, ඉෂන්කා ජාන්වි, විරාජ් පෙරේරා, හර්ෂිකා රත්නායක, සංසලා සුරවීර ආරච්චිගේ, ජෙනට් ඇන්තනි,  චතුරංග කොඩිතුවක්කු, පුබුදු ගමගේ, අප්සරා ගුණතිලක, මිලින්ද මඩුගල්ල, සංගීතා බස්නායක, ආනන්ද අතුකෝරාල, සුදර්ශනී ගැලනිගම ,චාමි සේනානායක, කුසුම් පෙරේරා ඇතුළු ප්‍රවීණ හා ජනප්‍රිය නළු නිළියන් රැසක් මාරම්බරි සඳහා  රංගනයෙන් දායක වී ඇත. 

වෛද්‍යවරයෙකු වූ වික්‍රම් එක් දරු පියෙකු වන අතර, ඔහුගේ බිරිඳ රවීශා යි. ඇය ඉතාමත් උගත් රූමත්  කාන්තාවක් සේම,  සිය පවුල වෙනුවෙන් ඉහළින්ම කැපවන්නියක් වූ නිසාම, ඔවුන්ගේ පවුල් ජීවිතය කිසිදු අඩ දබරයකින් තොරව ඉතාමත් සාමකාමීව ගෙවී යන්නක් ද විය . ස්නේහා යනු මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත්  වර්තමානයේ ජනප්‍රිය නිළියක් සේම ගැටුමට බර කටකාර යුවතියකි. ඇයගේ පෙම්වතා වූයේ  රංගන ශිල්පියෙකු වූ දේශාන්. ස්නේහාගේ මව යොහානි .ඇය ස්නේහා දකින්නේ දරුවෙකුට වඩා සල්ලි හම්බ කරන මැෂිමක් ලෙසිනි. එක්, එක් පීඩනකාරි හේතූන් මත දැඩි මානසික ආතතියෙන් පෙලුණු අවස්ථාව ක ,ස්නේහා  සිය අතකපා ගනී. ප්‍රතිකාර සඳහා ඇයව ඇතුළත් කරනුයේ , වික්‍රම වැඩ කරනා පෞද්ගලික  රෝහල වෙතටයි. ඇයට ප්‍රතිකාර කරන වික්‍රම පිළිබඳව ස්නේහා හට යම් හැඟීමක් ඇති වෙයි. එයින් පසුව සිදුවන සිදුවීම් පෙළ වටා "මාරම්බරී" කතාව ගොඩනැගී ඇත.

මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් සහ ආලෝකකරනයෙන් ස්ට්‍රයින මැක්ලේන් ඇඩැම්ස්,සංස්කරණයෙන් වරුණ කොඩිකාර සමගින් ගයාන් ශ්‍රි බුද්ධික ,අංග රචනයෙන් ප්‍රියංක තිලක් රත්නායක , කලා අධ්‍යක්ෂණයෙන් සමිත් බී. කොබෙයිගනේ. සංගීත අධ්‍යක්ෂණයෙන් කේෂාන් පෙරේරා,තේමා ගී පද රචනයෙන් අංජලී බුදවත්ත, ගායනයෙන් කවීෂ කවිරාජ් ,සහය අධ්‍යක්ෂණයෙන් අමිල පහලගෙදර හා නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක සමගින් ගිහාන් පෙරේරා " මාරම්බරී " වෙනුවෙන් සම්බන්ධ වී සිටී.

Pure Elegance Read Previous

Pure Elegance

ගුවන් හමුදා කාන්තා පිලට අඛණ්ඩව 07 වන වරටත් ආරක්ෂක සේවා අත්පන්දු ශූරතාව Read Next

ගුවන් හමුදා කාන්තා පිලට අඛණ්ඩව 07 වන වරටත් ආරක්ෂක සේවා අත්පන්දු ශූරතාව

Realted Post

Leave a comment