පොල් හිඟයට හේතුව නිසි ප්‍රතිපත්තියක් නොතිබීමය

පොල් වගාව දියුණු කිරීමට මෙතෙක් කිසිදු රජයකට නිසි ප්‍රතිපත්තියක් නොතිබීම හේතුවෙන් පොල් හිඟය නිර්මාණය වී ඇතිබව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (05)  පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

වත්මන් රජය පොල් වගාව දියුණු කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරන බවත් එතෙක් කෙටිකාලීන වැඩ පිළිවෙල කිහිපයක් අනුගමනය කරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය. එසේම මෙවර අයවැය මගින් පොල් වගාව දියුණු කිරීම සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

පොල් හිඟය ඉදිරියේදී ඇති නොවීම සදහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති පොල් වගාවට සම්බන්ධ ආයතන මගින්  ඉහළ පොල් ඵලදාවක් සඳහා වන පරීක්ෂණ, දේශීය පොල් නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය කෘෂි පිළිවෙත් හා ඉහළ අස්වනු විභවයන් සහිත පොල් ප්‍රභේද  හදන්වාදීම,  පොල් වගාවේ රෝග හා පළිබෝධ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ  නිර්දේශ ලබාදීම,  පොල් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීම ආදී ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

එයාගේ සුබ පැතුම Read Previous

එයාගේ සුබ පැතුම

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම Read Next

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම

Realted Post

Leave a comment