මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවී තිබේ. 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර ඊයේ(14) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු විය. 

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය මෙහිදී අග්‍රාමාත්‍යතුමිය වෙත සිය සුභ පැතුම් පිරිනැමීය. 

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන්  ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම, ප්‍රජා ආරක්ෂාව, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සඳහා සහය වීම සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා, UNDP ඩිජිටල් සහ නවෝත්පාදන කණ්ඩායම් නායක ෆාදිල් බාකීර් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය Read Previous

සන්නිවේදනයේ තවත් සොඳුරු පියවරක්: 2026 චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්‍රණය

නුවර කැළි කසළ බැහැර කරන්නන්ට මින් ඉදිරියට  නඩු Read Next

නුවර කැළි කසළ බැහැර කරන්නන්ට මින් ඉදිරියට නඩු

Realted Post

Leave a comment