සොබාදහම අගය කිරීම ගෞරවය දැක්වීම අප සොයන පරිවර්තනීය වෙනසක වැදගත් අංගයක්

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් කියාපාන්නකි. මූලික අවදියේ සිට අස්වනු නෙලීම දක්වා වූ කෘෂිකාර්මික කටයුතු වලට හිරු දෙවියන්ගෙන් ඇතුළු සොබාදහමින් ලද ශක්තිය වෙනුවෙන් පෙරලා සොබාදහමට කෘතගුණ දැක්වීම මේ මංගල්‍යයේ මූලික අරමුණකි.

අපි සැවොම සොබාදහමේ නිර්මාණයන් වන්නෙමු. සොබාදහමට පිටුපා අපට යාහැකි ගමනක් නැත. එහෙයින් සොබාදහමින් අප ලැබූ ආශිර්වාදය වෙනුවෙන් නැවත කෘතගුණ සැලකීම ඉතා උතුම් මනුෂ්‍ය ගුණාංගයකි. රටක් වශයෙන්ම අප සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ සිටිමු. ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක්ද ඇතිකරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයාමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබේ. ආණ්ඩුව සහ රාජ්‍ය ලෙස අප ඒ බැරෑරුම් සහ වගකීම් සහගත ක්‍රියාවලියට පිවිස පරිවර්ථනීය වෙනසක් කරා ගමන් කිරීම අරඹා ඇත්තෙමු. සොබාදහම අගය කිරීම ගෞරවය දැක්වීම සහ අප සොයන පරිවර්තනීය වෙනසක වැදගත් අංගයක්ද වෙයි.
ඔබ සැමට ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා.! යැයි මම සුබපැතුම් එක්කරමි.

හරිනි අමරසූරිය.
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

නළලේ මැද දියමන්තියකින් මොට්ටුවක් තිබ්බ එයා Read Previous

නළලේ මැද දියමන්තියකින් මොට්ටුවක් තිබ්බ එයා

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවයට ලංකාව කැප වෙනවා Read Next

කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවයට ලංකාව කැප වෙනවා

Realted Post

Leave a comment