ජනපති ඡන්දය ප්‍රකාශ කරයි

උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර  යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා
- ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව  මාධ්‍ය අමතමින් ජනපති කියයි
ශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය  ප්‍රකාශ   කළේය .
සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.
ජනතාවාදී අණ පනත් සම්මත කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක්  ගොඩ නැඟීම තුළින් මේ රට නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට ගෙන යා හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර  යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ඇති  කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියළු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බවද මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව   ප්‍රකාශ කළේය. 
පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 196 ක් සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු මෙවර මහා මැතිවරණයට තරග කරනු ලබයි.  ආසන 29ක්  ජාතික ලැයිස්තුව මඟින් තෝරා පත් කෙරේ.

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Previous

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම Read Next

අඳුර මැදින් ආලෝකයට ජස්ටින් සහ හේලිගේ ජීවන පාඩම

Realted Post

Leave a comment