ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්.

මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම  14  දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. 

කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සමග සුහඳ සාකච්ඡාවක නිරතවූ අග්‍රාමාත්‍යවරිය ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් වෙත සුබ පැතුම් එක් කළාය.

මෙවර කණ්ඩායමේ නායිකාව ලෙස දුලංගි වන්නිතිලක කටයුතු කරන අතර පුහුණුකරු දීපි නාලිකා ප්‍රසාදි ද, කළමණාකරු ලෙස පද්මිණී හොරනගේ ද, ආසියානු නෙට්බෝල් සංගමයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා ද, කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ලාල් ඒකනායක ද, සම්භාහක ලෙස මනෝජ් දර්ශණ ද කණ්ඩායමට එක්වේ. 

පළමු වතාවට ආසියානු රටවල් 14 මෙවර ශූරතාවලිය සඳහා එක් වේ. මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් 17 වන දින සවස 3.00 ට ද, තරගාවලිය ඔක්තෝබර් 18 දින සිට 27 දින දක්වා ද ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පැවැත්වේ.

කණ්ඩායම් නායිකාව දුලන්ගි වන්නිතිලක වන අතර, සෙසු ක්‍රීඩාවන් වන්නේ හසිතා මෙන්ඩිස්, රෂ්මි දිව්‍යාංජලී, ගයාංගලී අමරවංශ, තිෂලා අල්ගම, ශානිකා පෙරේරා, ගයානි දිසානායක, ගයාත්‍රි කෟෂල්‍යා, සුසීමා බණ්ඩාර, සචිනි රොද්‍රිගෝ, මල්මි හෙට්ටිආරච්චි, චලිනි නීෂා වේ.

මාධ්‍ය අංශය
ක්‍රීඩා අමාත්‍යාංශය.

මේ තරම්  වැටුණේ නැහැ කවදාවත්. ඒත් මාව වට්ටන්න බැහැ Read Previous

මේ තරම් වැටුණේ නැහැ කවදාවත්. ඒත් මාව වට්ටන්න බැහැ

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් Read Next

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

Realted Post

Leave a comment