ඉන්දිරා වෙනුවෙන් ’’The Celebrity Designer Wedding Show 2023’’

ඉන්දිරා පිළිකා අරමුදලට ආධාර පිණිස The Celebrity Designer Wedding Show 2023 මාර්තු 12වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතය. 

Bride and Groom සඟරාව ඉන්දිරා පිළිකා අරමුදල සමඟ එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකේය මංගලෝත්සව ශේෂ්ත්‍රයේ පුන පුනා බලා සිටින උත්කර්ෂවත් උත්සවයක් වන The Celebrity Designer Wedding Show 2023 සම්බන්දයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්චාව ඊයේ 09වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. 

The Celebrity Designer Wedding Show 2023, මාර්තු 21වනදා රාත්‍රී 7.30ට කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

මේ පිළිබඳව මාධ්‍ය සාකච්චාවේදී අදහස් දැක්වූ Bride and Groom විවාහ සඟරාවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රමිත් මල්ලවාරච්චි, ඉන්දිරා පිළිකා අරමුදල සහ රොෂාන් මහානාම අරමුදල සමඟ එක්වෙමින් එම පුණ්‍යායතන විසින් සිදු කරන ලද සේවය දැනුවත් කිරීමට සහය වීමට ලැබීම සම්බන්දයෙන් තමා සතුටට පත්වන බව පැවසුවේය.

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Previous

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා Read Next

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා

Realted Post

Leave a comment