රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම කියන්නේ රස අත්හැරලා කිසිම රහක් නැතුව කෑම එක නම් නෙමෙයි. නිවැරදි අමුද්‍රව්‍ය සහ සරල පිසීමේ ක්‍රම එකතු වුණාම රසවත් වගේම පෝෂණයෙන් පිරුණු ආහාර වේලක් සකස් කිරීම ඉතා පහසුයි.

එළවළු, ප්‍රෝටීන්, ඇගට ගුණ පරිදි මේද සහ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කරන මෙම ආහාර වට්ටෝරු කිහිපයක් ඔබේ දෛනික ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න කරගැනීමට හොඳම තේරීමක් වන නිසා අපි ඒ ගැන මෙහෙම ලියන්න හිතුවා.

ලෙමන්පෙපර් සැමන්

ඔමේගා 3 මේද අම්ලවලින් පොහොසත් සැමන් මාළු, ලෙමන්, සුදුළූණු, තක්කාලි සහ කොත්තමල්ලි සමඟ පිසීමෙන් හෘද සෞඛ්‍යයට හිතකර ආහාරයක් සකස් කළ හැකිය.

අලිගැටපේර සහ එළවළු සලාදය

අලිගැටපේර, පිපිඤ්ඤා, බෙල් පෙපර්, තක්කාලි සහ රතු ළූණු එක්කර සකස් කරන මෙම සලාදය විටමින් සහ හොඳ මේදවලින් පිරී ඇත.

රටටූයි

වම්බටු, සුකිනි, තක්කාලි, හතු, කැප්සිකම් සහ ළූණු ඇතුළු එළවළු රැසකින් සකස් කරන ප්‍රංශ ආහාරයකි.

කෝලිෆ්ලවර් රයිස් ෆජීටා බෝල්

බත් වෙනුවට කෝලිෆ්ලවර් භාවිතා කර බෝංචි, කැප්සිකම් සහ කොත්තමල්ලි සමඟ සකස් කරන අඩු කාබෝහයිඩ්‍රේට් ආහාරයකි.

බ්ලැක් බීන් බ්‍රෙක්ෆස්ට් බෝල්

බිත්තර, කළු බෝංචි හෝ කවුපි , අලිගැටපේර එක්වූ මෙම උදෑසන ආහාරය දිගු වේලාවක් ශක්තිය ලබාදෙයි.

 නිවිති සහ තක්කාලි සමඟ ග්‍රිල් කළ මාළු

නිවිති, තක්කාලි සහ ඔලිව් තෙල් සමඟ පිසින මාළු ආහාරය විනාඩි 20කින් සූදානම් කළ හැකිය.

ක්‍රීම් රහිත ඉතාලි වයිට් බීන් සුප්

සුදු බෝංචි, නිවිති, සුදුළූණු සහ ලෙමන් යුෂ සමඟ සකස් කරන මෙම සුප් එක ක්‍රීම් නොමැති වුවද ඉතා මෘදු රසයකින් යුක්තය.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක රහස වන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් යනු රසය නැති ආහාරයක් නොවේ. එළවළු, මාළු, කුකුල් මස්, බෝංචි වර්ග, ධාන්‍ය, ඔලිව් තෙල් සහ ස්වභාවික අමුද්‍රව්‍ය නිවැරදි ලෙස එකතු කරගැනීමෙන් ඔබට රසවත් මෙන්ම පෝෂණයෙන් පිරුණු ආහාර වේලක් සකස් කළ හැකිය.

සමබර ආහාර රටාවක්, නිතිපතා ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් එක්වූ විට, හෘද රෝග, දියවැඩියාව සහ අධික බර වැනි රෝග අවදානමද සැලකිය යුතු ලෙස අඩු කරගත හැකිය. අහාර පිසීමේදී ඔබට යෝග්‍ය වන අහාර ඔබට කැමති පරිදි වෙනස් කරමින් මෙම වට්ටෝරු ඔබට ගැලපෙන , යෝග්‍ය පැරිසි සකසා ගත හැකියි.

මේඝා චින්තාමණී  (allrecipes ඇසුරින්)  

හැඩැති මුහුණකට මේවා අතහරින්න Read Previous

හැඩැති මුහුණකට මේවා අතහරින්න

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට Read Next

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට

Realted Post

Leave a comment