දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

ගම් දහසක වැඩ දහසක් ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනෙහි මාතර ආසනයේ සමාරම්භක වැඩසටහන ඊයේ (02) මාතර, තල්පාවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ සිදු කෙරිණි.  

හරිතාගාර ගෘහයක් තුළ එළවළු වගා කිරීමේ ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය වසමේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක වන අතර හරිතාගාර ගෘහය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද සිදු විය. මෙම ව්‍යාපෘතිය වසර 05 ක දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර හරිතාගාර ගෘහය සඳහා ප්‍රතිපාදන සහ අවශ්‍ය උපකරණ ලබාදීම රජය මගින් සිදුකරයි.

මෙම අවස්ථාව සඳහා මාතර දේශපාලන අධිකාරිය ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මැතිතුමියත්, මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති සුගත් වෙංගප්පුලි මහතාත්, මාතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතාත්, සහකාර අධ්‍යක්ෂ සැලසුම් සුමිත් ද අල්විස් මහතාත්, ප්‍රජා සංවර්ධන කමිටුවේ සභාපති වෛද්‍ය ඔනිල් නිරෝෂන් මහතාත්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීනුත් සම්බන්ධ විය.

 

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Previous

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Next

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

Realted Post

Leave a comment