වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව සහ උන්නතිය වෙනුවෙන් සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති "බුද්ධශාසන සභාව" අද දින (මැයි 12) බුද්ධශාසන අමාත්‍යාංශයේදී  රැස්විය.
පූජනීය මහා සංඝරත්නයේ පූර්ණ මැදිහත්වීමෙන් පැවති මෙම හමුවේදී, ශාසනික හා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කෙරිණි. බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් පසුගිය කටයුතු සමාලෝචනය සහ ඉදිරි වැඩ සාකච්ඡා කිරීම සිදුකෙරිණි.

එළඹෙන ජාතික වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් සැමරීමට අදාළ මූලික සැලසුම් සකස් කිරීම.
ආපදාවට ලක්වූ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ "අධිෂ්ඨානයේ සංහිඳ" ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම. බැතිමතුන්ගේ පහසුව උදෙසා නිසි පිරිවිතරයන්ට අනුකූලව නිෂ්පාදනය කළ අටපිරිකරක් හඳුන්වා දීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම.
ශාසනික විනය, භික්ෂු අධ්‍යාපනය, ජාතික සංහිඳියාව සහ මත්ද්‍රව්‍ය ඇතුළු සමාජ ව්‍යසනයන් මැඬලීම සඳහා විශේෂිත කමිටු මගින් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම.
සම්බුදු සසුනට එල්ල වන විවිධ අභියෝගයන් හමුවේ බුද්ධශාසන සභාව සතු වගකීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අනුශාසනා ඉදිරිපත් වූ අතර, ශාසනික පුනරුදය උදෙසා රාජ්‍ය මැදිහත්වීම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙහිදී එකඟතාව පළ විය.

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Previous

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Next

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

Realted Post

Leave a comment