ස්වර්ණාභිවන්දනා 2026 ධාතු වන්දනා පිංකම සඳහා අගමැතිනිය සහභාගී වෙයි

​2026 වෙසක් පොහොය අරමුණු කර ගනිමින් රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති,   ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය, කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ  විහාරාධිපති මාකොළ මංගල නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය සංවිධානය කළ  'ස්වර්ණාභිවන්දනා 2026' ධාතු වන්දනා පිංකමට මැයි 03 වන දින අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහභාගී  විය. 

මෙවැනි උතුම් ආගමික වැඩසටහනකට සම්බන්ධ වීමට ලැබීම තමා ලද සුවිශේෂී භාග්‍යයක් ලෙස සලකන බවත්, මෙම ප්‍රදර්ශනයේදී  සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම සීවලී, අංගුලිමාල, අනුරුද්ධ සහ මිහිඳු යන මහ රහතන් වහන්සේලා ඇතුළු උතුම් රහතන් වහන්සේලා රැසකගේ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාව සැදැහැවත් ජනතාවට උදා වී ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය ශුභාසිංසන එක් කරමින් පැවසුවාය.

මෙවැනි ආගමික වැඩසටහන් සමාජයේ ආධ්‍යාත්මික වර්ධනයට මෙන්ම රටට ආශිර්වාදයක් ලබා ගැනීමට මහත් සේ උපකාරී වන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

​මෙම උදාර පුණ්‍යකර්මය සාර්ථක කර  ගැනීම සඳහා මග පෙන්වූ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේටත්, විහාරස්ථ දායක සභාව ඇතුළු කැපවී කටයුතු කළ සැමටත් සිය ගෞරවනීය ස්තුතිය පුද කරන බවද, අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

සටහන - කසුනි විජේසිංහ 

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Previous

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි Read Next

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි

Realted Post

Leave a comment