‘සූර්යා’ ගිනි දැල්වීමට එහා ගිය අධ්‍යාත්මික සහනයක් ලබා දෙනවා - යශෝධා

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගිනි පෙට්ටි නිෂ්පාදකයා වන ‘සන් මැච් සමාගමේ’ ‘සූර්යා’ සන්නාම තානාපතිනිය ලෙස ප්‍රවීණ සහ සම්මානලාභී රංග ශිල්පිනී යශෝධා විමලධර්ම මෙනවිය ගිවිසුම් ගත වීම පසුගිය දා සිදු විය.

ඒ අනුව යශෝධා විමලධර්ම මෙනවියට ‘සූර්යා’ සන්නාම තානාපති තනතුර නිල වශයෙන් ප්‍රදානයේ කිරීමේ උත්සවය ‘සන් මැච් සමාගමේ’ සභාපති සූරි රාජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (22) කොළඹදී පැවැත්විණි.

එහිදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ගෞරි රාජන් මහත්මිය පැවසුවේ යශෝධා විමලධර්ම සහ ‘සන් මැච් සමාගම’ අතර නව සංකලනයත් සමඟ තව දුරටත් විශ්වාසනීයත්වයෙන් පාරිභෝගික ජනතාව අතරට ළඟා වන බවයි.

යශෝධා විමලධර්ම මෙනවිය පැවසුවේ බුදුන්ට පහන් දැක්වීමේදී එසේත් නැත්නම් ක්‍රිස්තියානු ආගමේදී ඉදිපන්දම් දැක්වීමේදී ‘සූර්යා’ සන්නාම ගිනි දැල්වීමට එහා ගිය අධ්‍යාත්මික සහනයක් ලබාදෙන බවත් වසර 37 ක රංගන ජීවිතයේදී රසිකයන්ට හොඳ දේවල් දුන් තමන් සූරියා නිෂ්පාදනවල ගුණත්වය පිළිබඳව අවදානය යොමුකර සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කිරීමට අදහස් කළ බවත්ය.

ලී නිමැයුමෙන් පැවැති ගිනිකූරු ඉටි ආලේපිත ගිනිකූරක් බවට පත්කරමින් ශ්‍රී ලාංකිකයන්ට වැඩි ආරක්ෂාවක් සැපයූ ‘සූර්යා’ ගිනිපෙට්ටි මේ වන විට සමස්ත ශ්‍රී ලාංකිකයන්ට නැතුවම බැරි නිෂ්පාදනයක් බවට පත්ව ඇති අතර ‘සන් මැච් සමාගම’ මේ වන විට ශරීරයට හිතරක සුවඳ වර්ග 14 කින් යුත් සුවඳ කුරූ හා විවිධ ප්‍රමාණයේ නොවැගිරෙන ඉටි පන්දම් නිෂ්පාදනය කර ජනතා ආකාර්ශනය දිනාගෙන තිබේ. එම සමාගමේ අලුත් සාමාජිකයා වූ සූර්යා සුවඳ කූරු, කෙටි කාලයක් තුල බෙහෙවින්ම ජනප්‍රිය වී ඇත. එහිදී සුවඳ වර්ග 14කින් යුතුව සූර්යා සුවඳ කුරූ සූර්යා සුවඳ කූරු දීප ව්‍යාප්තව බෙදාහැරීම් සිදු කෙරෙන අතර දේශීය පාරිභෝගියන්ට දීප ව්‍යාප්තව වෙළෙඳසල් වලින් සහ විදේශීය පාරිභෝගිකයන්ට ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ ලබා මාර්ග ගත ක්‍රම වේදයන්ට අනුව ලබා ගත හැකිය.

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි Read Previous

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි Read Next

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි

Realted Post

Leave a comment