The Sun කර්තෘ රිෂිනි වීරරත්නට 2026 ඩයමන්ඩ් එක්සලන්ස් සම්මාන උළෙලේදී ’ඩයමන්ඩ් සම්මානය’ හිමි වෙයි

මාධ්‍ය ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ විශිෂ්ඨත්වය අගයමින් පැවැත්වුණු 2026 ඩයමන්ඩ් එක්සලන්ස් සම්මාන උළෙලේදී (Diamond Excellence Awards 2026), The Sun - Daily Mirror පුවත්පතේ කර්තෘ රිෂිනි වීරරත්න මෙනවිය වෙත  Diamond Award සම්මානය  හිමි විය.

මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඇය සිදු කළ නවෝත්පාදන සහ දැක්වූ විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ඇය වෙත පිදෙන ලදී. සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී  අති උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම උළෙල සඳහා ප්‍රකට මාධ්‍යවේදීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ රිෂිනි වීරරත්න මහත්මිය වෙනුවෙන්, ශාරිකා වීරරත්න මහත්මිය විසින් මෙම සම්මානය ලබාගනු ලැබීය. මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට අභිමානයක් ගෙන දුන් මෙම සුවිශේෂී ජයග්‍රහණයට සහභාගී වූ සැමගේ නොමද පැසසුම් හිමි විය.

The Sun - Daily Mirror පුවත්පතේ කර්තෘ රිෂිනි වීරරත්න මෙනවිය, ඔබට සිරිකත අපේ උණුසුම් සුබපැතුම්.

සටහන - කසුනි විජේසිංහ

සිරිකත පුවත්පතේ කර්තෘ අශන්ති වරුණසූරිය Sri Lanka’s Most Influential Female Editor  සම්මානයෙන් පිදුම් ලබයි Read Previous

සිරිකත පුවත්පතේ කර්තෘ අශන්ති වරුණසූරිය Sri Lanka’s Most Influential Female Editor සම්මානයෙන් පිදුම් ලබයි

මහනුවර ඇසළ පෙරහැරේ   සිවුවන  කුඹල් පෙරහැර අද Read Next

මහනුවර ඇසළ පෙරහැරේ සිවුවන කුඹල් පෙරහැර අද

Realted Post

Leave a comment