මුල්ලේරියා හටන ඇරඹේ.

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මුල්ලේරියාව කේන්ද්‍ර කර ගනිමින්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කලාකීර්ති ශ්‍රී සනත් අබේසේකර තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කරන, ලාංකීය ඉතිහාසයේ අධිරාජ්‍යවාදීන් දණගැස්ස වූ රණශූර ටිකිරි කුමරුගේ මුල්ලේරියා හටන සිනමා කෘතියේ සමාරම්භක උළෙල පසුගියදා, කොටිකාවත්ත සණස උත්සව ශාලාවේදී මහා සංඝරත්නය, විශේෂ ආරාධිතයින් හා කලාකරුවන් විශාල පිරිසක් මධ්‍යයේ පැවැත්විණ.

මෙහිදී මෙම සිනමා සිත්තම ආලෝකමත් කරන රංගන ශිල්පීන් සඳහා තිරපිටපත් ප්‍රදානයද සිදුවිය. සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, ලකී ඩයස්, උද්දික ප්‍රේමරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, නදීෂා හේමමාලී, චූලක්ෂි රණතුංග, උදාරි වර්ණකුලසූරිය, පබෝධා සංදීපනී, දිනෙත් ද සිල්වා, නිරෝෂන් ඉලේපෙරුම, ශ්‍රීමාල් වෙඩිසිංහ, නිමල් පල්ලේවත්ත, රිතූ ආකර්ෂා, කැළුම් ශ්‍රී, විශ්ව ලංකා, දෙනෙත් ආකර්ෂ ඇතුළු ප්‍රවීණයන් රැසකගේ රංගන දායකත්වයෙන් හැඩවෙන ”මුල්ලේරියා හටන” කැමරා අධ්‍යක්ෂණයෙන් සුජිත් නිශාන්ත, සංස්කරණයෙන් අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණයෙන්, පසුතල නිර්මාණයෙන් හා නිෂ්පාදන සැලසුම්කරණයෙන් ධම්මික හේවාදූවත්ත, අංග රචනයෙන් මනනුවන් රූපසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් චන්දන එදිරිසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් දිනේෂ් සුභසිංහ ද, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක සමඟින් සඳුන් පෙරේරා ද, නර්තන වින්‍යාශයෙන් චන්න විජේවර්ධන, නිශ්චල ඡායාරූපකරණයෙන් අමාල් රොස් සමඟින් ශාන් වින්රූ එක්වන ”මුල්ලේරියා හටන” නිෂ්පාදන සංකල්පය කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම් අනුර සිරිවර්ධන මහතාගෙනි. 

  • ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

 

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු Read Previous

අනතුරු වළකා වෙසඟ සිරි සමරමු

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය Read Next

මිලියන 15.5කට එක් වරක් සිදුවන වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය

Realted Post

Leave a comment