යුවතියට නව පෙනුමක් දෙන ෆ්ලෙයාර්ඩ් සාය

උපදෙස් - 
වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රවීණ 
මැහුම් උපදේශිකා 
කාන්ති කුලරත්න

 

 

 

අද බොහෝ තරුණියෝ ෆ්ලෙයාර්ඩ් සායට කැමැත්තක් දක්වති. ෆ්ලෙයාර්ඩ් සායෙන් තරුණියට නව පෙනුමක් ඇති කරන අතර සංවරකමක්ද ඉන් පෙන්නුම් කෙරෙයි. 


සාමාන්‍යයෙන් මෙවැනි සායක් සඳහා වැඩිපුරම ගැළපෙන්නේ කඩා හැලෙන රෙද්දකි. ඒ නිසා ඔබත් මෙම සාය මසා ගන්නවා නම් අඟල් 60 පළල වැලන්ටිනා හෝ චිෆෝන් ජෝජට් වැනි රෙද්දකින් යාර 2 1/2 ප්‍රමාණයක් ගන්න. ඔබගේ කැමැත්ත මත මුද්‍රිත හෝ තනි පැහැති රෙද්දක් ගන්න.


දැන් ඔබ ගත් රෙද්ද රූපසටහනේ පෙනෙන ආකාරයට ෆ්ලෙයාර්ඩ් ආකාරයට නවාගන්න. එක පැත්තකට බලවාටිය එන ලෙසටත් තබා නැම්මේ සිට හරස් අත ඉණ වට මිම්ම 4+1 (28÷4+1) ලකුණු කරගන්න. (කවාකාර හැඩයට) එම ඉණ සිට පහතට ඉණ දක්වා උස ලකුණු කරන්න. උස ලකුණු කිරීමේදී ඉණ සිට සාය උස අවශ්‍ය පරිදි ලකුණු කර එය රූප සටහනේ දැක්වෙන ආකාරයට ගන්න. පළමුව ඉණ ලකුණු කර එය කවාකාර හැඩයට කපාගන්න. යට වාටියද එම ආකාරයට කපාගන්න.


බලවාටියට (ඉණට) සිපරයක් ඇල්ලීමට අඟල් 8 ක් පමණ ඉතිරි කර අනෙක් ප්‍රමාණය වාටිය තෙක් මසන්න. ඉන්පසු ඉණවට ප්‍රමාණයට අඟල් 5 ක් පළල අඟල් 30 දිග පටිය ඉණ වට ප්‍රමාණයට මසා සිපරය අල්ලන්න. 

සුබෝධිනී පෙරේරා


 

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

ලෝකය ලෙයින් ලියාගත් ඉතිහාසය Read Next

ලෝකය ලෙයින් ලියාගත් ඉතිහාසය

Realted Post

Leave a comment