​79 වන ජාතික නිදහස් දින සමරු උළෙල නිදහස් චතුරශ්‍රයේදී

​79 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පිළිබඳ පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 18 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

​ජාතික නිදහස් දින සමරුව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට මෙහිදී තීරණය වූ අතර, මෙවර නිදහස් දින උළෙලේ තේමාව, සංවිධාන කටයුතු, වැඩසටහනේ පෙළගැස්ම සහ ආගමික කටයුතු ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

​අමාත්‍යවරුන් වන හිනිදුම සුනිල් සෙනෙවි, වසන්ත සමරසිංහ, චන්දන අබේරත්න, සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ද, මුදල් අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය සහ බස්නාහිර පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

79th National Independence Day Celebration to be held at Independence Square

79ஆவது தேசிய சுதந்திர தினக் கொண்டாட்ட விழா சுதந்திர சதுக்கத்தில்

 

 

තනි තනිව තමන්ගේ කොටස ඉටු කරනවා වෙනුවට සාමූහිකව තීන්දු තීරණ ගෙන කාල රාමුවක් තුළ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න Read Previous

තනි තනිව තමන්ගේ කොටස ඉටු කරනවා වෙනුවට සාමූහිකව තීන්දු තීරණ ගෙන කාල රාමුවක් තුළ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න

Chamari Read Next

Chamari

Realted Post

Leave a comment