ඇත්ත නොවන ඇත්ත බබාලා

උණහපුලුවාටත් උගේ පැටියා මැණිකක්ලු යනුවෙන් අප අතර කියමනක් වේ. විවාහයට පත්වන ඕනෑම අයෙකුගේ එකම සිහිනය බවට පත් වන්නේ  කිරි සිහිනයයි.

නමුත් එය කෙමෙන් කෙමෙන් වියැකී යද්දි සහ අලුත උපන් බිලිදා දෝතේ දිම  මෙලොව හැර යද්දී වාතලයට කඳුළු මුසු කරන මාපියන් නැතුවාම නොවේ.ඔවුන්ගේ මානසික මට්ටම පිළිබඳ සලකා බලමින් රීබෝන් ඩෝල්ස් යන්න ලොවට හඳුන්වා දෙන්නට මේ වන විට වනවිට විද්‍යාඥයන් සමත් වී ඇත. නවීන සංවේදී නිර්මාණයක් වන මෙම බෝනික්කන් විශේෂය සමේ පැහැය,උපන් ලප සහ හැඟීම් ප්‍රකාශ වන ආකාරයෙන් සිලිකන් උපයෝගී කොට ගනිමින් සියුම්ව නිෂ්පාදනය කොට තිබීම   විශේෂත්වයක්. මෙහි සජීවි බව කොතෙක් ද යත් බැටරියක් මාර්ගයෙන් මෙම බෝනික්කන්ට හුස්ම ගැනීමට ඉඩ සලසා තිබීමයි. සිලිකන් ළමුන් නොහොත් රීබෝන් ඩෝල් ඇමෙරිකානු ඩොලර් 20 000-30 000ත් අතර මිලකට මිළ දී ගත හැකිය. වර්තමානයේ පවතින කෘතිම බුද්ධි සංකල්පයත් සමඟ මෙම බෝනික්කන්ගේ නවීනතා රැසක් ම නුදුරේදීම දැකගත හැකි වේ යැයි වාර්තා වේ.                                 

 සටහන - නෙත්මි තෂාරා

TVS Knowledge Center රාගමට Read Previous

TVS Knowledge Center රාගමට

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද? Read Next

දෙන්නට දෙයක් නැතත් දානයක් දෙන්න පුළුවන්ද?

Realted Post

Leave a comment