දරුවාට දැනෙන්න ආදරය කරන්නේ කොහොම ද ?

"අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත"යනුවෙන් කියමනක් පවතින්නේ දරුවන්ගේ නියම ස්වභාවය ද කියාපාමින් ය. කෙළි දොලෙන් දවස ගෙවන්නට රුචියක් දක්වන දරුවාව කුඩා කල සිටම නිසි ලෙස සමාජ ගත කිරීම දෙමව්පියන් සතු වගකීමකි. 

ඒ පිළිබඳ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ  සැරයන් සම්පත් උඩුදුම්බර මහතා දැක්වූ අදහසක්.

දරුවෙක්ව සමාජයට අනුගත කිරීමේ දී දෙමපියන් විසින් අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් වේ. ඒ අතුරෙන් පළමුව සිදුකළ යුත්තේ දරුවාට දැනෙන්නට ආදරය කිරීමයි.

විවිධ ආගමික නායකවරු විසින් ද මේ බව පවසා ඇත. දරුවෙකු විසින් වෙනත් ආදරයක් බලාපොරොත්තු වන්නේ දෙමව්පිය ආදරය නිසිලෙස නොලැබුණු විට බව ඔබ දන්නවාද? එවිට දරුවා තුළ ඇතිවන්නේ මව්පිය ආදරය පිළිබඳ රික්තකයක්.දරුවගේ හදවත තුළට ඕනෑම අයෙකුට ඇතුල් විය හැකි වන්නේ එවන් අවස්ථාවකදී ය.

බාලවයස්කාර දරුවන්ගේ මනස නිසිලෙස වැඩී නොමැති බැවින් එහෙම දරුවන්ට අපරාධකරුවන් ද උපකාර කිරීමට සූදානම්ය. ඒ නිසාවෙන්  දරුවන් පිළිබඳ කාරාණාවේදී ඔවුන්ට දැනෙන්නට ආදරය කිරීමට දෙමව්පියන් වගබලා ගත යුතු ය. නමුත් ඉන් අදහස් වන්නේ දරුවන් එක මානයකට කොටු කිරීම නොවේ.දරුවන්ට දැනෙන්නට ආදරය කිරීම වේ.

දෙවැනි කරුණ වන්නේ දරුවන් අගය කිරීමට දෙමව්පියන් කටයුතු කිරීමයි.එක්තරා පියෙක් විසින් සිය දියණියන් දෙදෙනගෙන් ලොකු දුව පන්තියේ දෙවැනියා වූ නිසා ඇයට ටොෆි දෙකක් ද පොඩි දුව පහළොස් වෙනියා වූ නිසා ටොෆි පහළොවක් ද ලබාදෙයි.

ඉන්පසු පොඩි දුව තමා වෙත කැදවා ටොෆි වැඩිපුර කෑ පසු දියවැඩියාව සෑදෙන බවත් ඇගේ සහෝදරිය ලස්සනට සිටින්නේ අඩුවෙන් ටොෆි  කන නිසා බවත් ඇයට ඒත්තු ගන්වයි. ඒ හරහා දරුවා අගය කරමින් ඉගෙනුම් කටයුතුවලට දරුවා යොමු කිරීමට මේ පියා කටයුතු  කොට ඇති අන්දම අපූරු ය. 

ඒ නිසාවෙන් දරුවා ලබා ගන්නා ලකුණු ප්‍රමාණය නොව එය අගය කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතු ය. දරුවාව තමාට වටිනා බව නිරන්තරයෙන් දරුවාට ඒත්තු ගැන්විය  යුතුය.

දරුවන් සමාජයට අනුගත කිරීමේදී අනුගමනය කළ යුතු තෙවන කරුණ නම් දරුවාට හොදින් සවන්දීමයි.
මෙලෙස දරුවාට ආදරය කරන්නට, සවන්දෙන්නට, අගය කරන්නට, විශ්වාස කරන්නට දෙමව්පියන් නිරන්තරයෙන් කටයුතු කළ යුතු ය. මෙම කරුණු 04 තුළ දරුවෙක්ව චිත්‍රණය කළ විට සොදුරු දරුවෙක්ව ඔබ සතුවනු වැළක්විය නොහැක.

සටහන - නෙත්මි තෂාරා
ලංකාදීප Online මාංචු වැඩසටහනෙන් උපුටා ගත්තකි

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion Read Previous

විලාසිතා කරන ඔබ දැන්ම බලන්න | Sirikatha online | My Style | Fashion

සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනය Read Next

සිත පහන් කරවන සල්ගල ආරණ්‍ය සේනාසනය

Realted Post

Leave a comment