තේ වෙලාට රස වෑහෙන සව් මස්කට්
තේ වෙලාවට මොනවා හරි අතුරු පසක් කෑමට ගන්න හැමෝම ආසයි මේ කියන්න හදන්නේ හැමදාම තේ වෙලාවට හොයලා කන අතුරුපසකට එහා ගිහින් ගමේ රසැති අතුරු පසක් තේ වෙලාවට සාදාගන්නා අයුරු ගැනයි.
සව් මස්කට්.
- අවශ්ය ද්රව්ය.
- වතුර මිලි ලීටර් 450 ක්.
- සීනි ග්රෑම් 100 ක්
- සව් ඇට ග්රෑම් 100ක්.
- සහ හෝ රතු වර්ණක බින්දු කිහිපයක්.
- රෝස්ට් කර කුඩාවට කපා ගත් කජු ග්රෑමි 100ක්.
සාදන අයුරු.
භාජනයක් ලිප තබා එයට වතුර සව් , සීනි වර්ණක ,කජු දමා හොඳින් දියවන තෙක් හැඳි ගාන්න. එය තලපයක් වූ පසු ලිපෙන් ඉවත් කර තැටියකට බටර් තවර සවි මිශ්රණය දමා තුනීකර ඔබ කැමති ප්රමාණයට හැඩ කපා ගන්න. පසුව මෙම කැබලි ශීතකරණය පැය 05ක් පමණ තබා ඔබට රස බලන්න පුළුවන්.
සටහන - මහේෂානි මීගහපොල.
අදහස් දැක්වීම - ප්රවීණ සූපවේදී. දිනේෂ් ලසන්ත.

Leave a comment