බෙහෙත් බොන තැනකට මානසිකව වට්ටපු සනෝජාගෙ ගණිකා ව්‍යාපාරයේ ඇත්ත පැත්ත

මෙරට සිනමාවේ ජනප්‍රිය සලකුණක් වූ සනෝජා බිබිලේ ලාංකේය කලාවට සිය රඟ කැපවීම ලබා දුන් දක්ෂ රංගන ශිල්පිනියක්. 

සිංහල සිනමාවේ ස්වර්මණය යුගයේ සිය මේ දක්වා ඇය කළඑළි කළ රඟ පෞරුෂයේ කථිකාවට එහා මේ දින වන ඇය ගැන කියැවෙන වෙනස්ම පුවතක් සම්බන්දයෙන් සිරිකත Online අප ඇය සමඟ සිදු කළ සංවාද සටහනකි මේ. 

 

කෙළින්ම ප්‍රශ්නේ අහන්නම්. මාධ්‍ය වල වාර්තා වූ පරිදි ඔබ ඔබේ නුවර ඔබේ මහ ගේ ගණිකා ව්‍යාපාරයකට භාවිතා කරනවා ද ?
එහෙම වචන පාවිච්චි කරපු මිනිස්සුන්ට හෙන හතම වදින්න ඕන. මගේ මහ ගෙදර මම හීනෙකින්වත් හිතන්නෙවත් නැති දෙයක් මාධ්‍ය ඔස්සේ පළවීම ගැන තියෙන්නේ පුදුමාකාර දුකක්. නුවර මහ ගේ අවුරුදු ගාණක් වහලා තිබ්බා. හොරුන්ගෙන් ඉතුරු වුණේ බිත්ති හතර විතරයි. 

පස්සේ මම මේ ගේ රටේ නීතියට අනුව කුලියට දුන්නා ගෙස්ට් හවුස් එකක් විදියට කරගෙන යෑමට. සියල්ල නීතියට අනුව සිදු වූවක්. පහුගිය දවසක මේකට පොලිසිය ඇවිල්ලා කිසිඳු සොයා බැලීමකින් තොරව එහි නවාතැන් ගෙන සිටි සාමාන්‍ය මිනිස්සුන්වත් අල්ලාගෙන ගිහිං. 

 

මට අද මෙහෙම කලානම් අහිංසක මිනිස්සුන්ට කොහොම කරයිද ? ජනාධිපතිතුමණි, නීතිපතිතුමණි මේක සොයා බලන්න කියලා මම ඉල්ලනවා. උසාවියෙන් වැරදි කරුවෙක් වුණානම් කමක් නැහැ. මේකෙන් මම වැටුණේ නැහැ. මම තවත් දහිරිමත් වුණා. මම මැරෙන තුරා මම මේකට ෆයිට් කරනවා. 

 

සනෝජට ජිවත් වෙන්න කොහෙන් ද සල්ලි ?
මම මහවැලි අදිකාරියේ රැකියාවක් කරනවා. මම චිත්‍රපට නිලියක්. මට තව ගෙවල් දෙකක් කුලියට දීලා තියෙනවා. වත්තල ගෙදර මම ජිවත් වෙනවා මහේ සහෝදරියන් සමඟ.මගේ අම්මා අප්පච්චි හොඳට සල්ලි හම්බකරලා තියෙන්නේ. අනික මම කසාද බැදලා නැහැ. මට දරුවෝ නැහැ. මට සල්ලි එකතු කරන්න අවශ්‍ය නැහැ. මගේ පඩියෙන් මම කාලා, ඇඳලා ජිවත් වෙනවා. මාලිගාවල් හදන්න පොදි ගහන්න අවශ්‍ය නැහැ.
 

එහෙනම් කොහොමත් මෙවැනි ව්‍යාපාර හරහා සල්ලි හොයන්න අවශ්‍යත් නැහැනේ ?
කවදාවත් නැහැ. ජීවිතේට පාප කර්ම කරන්නේ නැහැ. මම නැත්නම් මට නැහැ කියලා දෙයක් ඉල්ලා ගන්න කෙනෙක්.
 

පොලිසියෙන් මේ ගැන ඔබෙන් විමසීමක් කළේ නැත්ද ?
ජනප්‍රිය නිලිය පොලිසියට කැඳවයි කියලා ලියලා මාධ්‍ය වල නම් වාර්තා වී තියෙනවා. ඒත් අද වෙනකල් මාව පොලිසියට කැදවලත් නැහැ. මගෙන් ඇහුවෙත් නැහැ. කොයිතරම් බොරු ද ? මම මානසිකව පුදුම විදියට වැටුණා. අද මම බෙහෙත් ගන්නවා මානසිකව. මට පිහියක් තිබ්බ නම් මම හැම මිනිහෙක්ම මරලා හිරේට යනවා.
 

මේ සම්බන්දයෙන් ඔබ ඉදිරියේදී ගන්නා පියවර මොකද්ද ?
ඒ ගැන මම දැන් කතා කරන්න කැමති නැහැ. ඉදිරි පියවර අනිවාර්යෙන්ම ගන්නවා. මේ රටේ තවත් කෙනෙක්ට තවත් මෙවන් දේවල් නොවෙන්න වගබලා ගත යුතුයි. මෙහෙම පහර ගහලා ගන්න සතුට මොකද්ද ? ඉදිරි පියවර ගැන මම පසුව කියන්නම්.

 අශන්ති වරුණසුරිය


 

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය Read Previous

අවුරුදු 13ක දැරියක්, 30දෙනෙක් අතවර කළ තිරිසන් අපරාධය

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment