අධාර දෙන්න ආපු සුදු ජාතිකයා දුරකථන දැක හොල්මන් වෙලා...

 

අපේ රටේ බොහෝ ප්‍රදේශවල පාසල් දරුවන්ට අගහිඟකම් අඩුපාඩු බොහොමයක් තිබෙන බව හැමෝම දන්න කාරණයක්. එය විදේශිකයින්ගේ පවා අවධානයට ලක්වී තිබෙන කරුණක්. එවැනි අඟහිගකම්වලින් පෙලෙන දරුවන් පිරිසකට පාසල් උපකරණ නොමිලේ බෙදා දීමට එංගලන්ත ජාතිකයෙකු ඉදිරිපත් වූ පුවතක් අසන්නට ලැබුණා.


ඒත් නැතිබැරි දරුවන්ට අධාර දෙන්න පැමිණි එංගලන්ත ජාතිකයට දකින්න ලැබිලා තියෙන්නේ නම් ඔහු පුදුම කරවන දෙයක්. දරුවන්ට බෙදා දීම සඳහා ආධාර රැගෙන ගිය ඔහු පාසලේ දරුවන්, මවුපියන්, සහ ගුරුවරුන් පාවිච්චි කරන ජංගම දුරකථන දැක මවිතයට පත්වී තිබෙනවා.


ඔහු මෙලෙස ආධාර දීමට තෝරාගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක දරුවන් පිරිසක්. කෙසේ නමුත් තමන් පාවිච්චි කරන දුරකථනයටත් වඩා අධික මිලකින් යුත් දුරකථන මවුපියන් ළඟ තිබෙනවා දැකීමෙන් දරුවන්ට එතරම් අඟහිගකමක් තිබෙන්නට විදියක් නැතිබවයි ඔහු පවසා තිබෙන්නේ. ඒ නිසාම ඔහු සභාව අමතා කරන කතාවේදී ඒ පිළිබඳ තම අප්‍රසාදය පලකර තිබෙනවා. තමන්ගේ වටිනා කාලය කා දැමීමටත් දුරකථනය බලපාන බවත් එය ලංකාවේ සුලබව දකින්නට ලැබෙන දෙයක් බවත් ඒ කාලය අධ්‍යාපනය සඳහා යොමුකරවන ලෙසත් ඔහු දරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ නමුත් ඔහු ගෙනා පාසල් උපකරණ තොගය දරුවන්ට බෙදාදීමටත් ඔහු පියවර ගෙන තිබුණා. 

නයනා උදයංගනී   


 

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’ Read Previous

’’ගොඩනගමු - අධිෂ්ඨානයේ සංහිඳ’’

මහනුවර   නගරයේ සියලුම ඉන්ධන හල්   ඉදිරිපිට දිගු  රථවාහන පෝළිම්.. Read Next

මහනුවර නගරයේ සියලුම ඉන්ධන හල් ඉදිරිපිට දිගු රථවාහන පෝළිම්..

Realted Post

Leave a comment