අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.....

"පැන මඩ කඩිති වැව් තාවුළු වැහි කාලේ....
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ
සිප්කිර පෙවූ මූසිලයින් උඩු මාලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ...."

ලොව ඇති ශ්‍රෙෂ්ඨතම වෘත්තීන් අතර ඉහලින්ම තැබිය හැක්කේ ගුරු වෘත්තීයයි. ඒ මිනිස්සුන් සදන මිනිසුන් එහි සිටින නිසයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මනුස්සකම පිරුණු මිනිසෙකු ලොවට දායාද කිරීමේ මහා භාරදූර වගකීම ඇත්තේ ඔවුන්ටය. වගකීම වගේම වගවීමත් ඔවුන් සතුය.

දරුවකුට ලෝකයේ හිස ඔසවා සැබෑ මිනිසකු සේ නොවැටී නැගිටින්නට අවැසි සවිය සදන්නෙත්, මිනිසකුගේ හැඟීම් තේරුම්ගත හැකි තවත් දයාබර මිනිසකුගේ ආත්මය ප්‍රති නිර්මාණය කරන්නෙත් ඔවුන්ය. 

මව්පිය සෙවණින් ඈත් වී, පාසල් ගේට්ටුවෙන්, ඇතුලු වූ පසු, එතැන් සිට දරුවකුගේ සියලු වගකීම පැවරෙන්නේ ගුරුවරයාටය. නිවසින් එහා ලොවක් ඇති බවත්, සමත්විය යුත්තේ විභාග පමණක් නොව ජීවිතයම බවත් පසක්කර දෙන්නේ ගුරුවරුන්ය.

අප මුලින්ම සමාජ දේශපාලනයේ මුල්ම පාඩම උගෙන ගන්නේ ඔබගෙන්ය. ලොව ඇති උසස්ම පුද්ගලයා නිර්මාණය කරන සිත්තරා ඔබය.
තමන් පසුකර දරුවන් ඉදිරියට යද්දී සැබෑ ලෙසම සතුටු වූ මහා පහන් ටැඹ......

ආදරණීය ගුරු මව්නි, පියාණෙනි,
දීර්ඝායු ලබමින්....
උපහාරයක්ම වේවා

සටහන - නයනා උදයංගනී

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Previous

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment