අමිහිරි මතක ගොන්නක් ඉතිරිකල සුනාමියට අදට වසර 18 ක්

 

ජීවිතේ තමන් වඩාත් ආදරයකල සහ ආදරයෙන් රැකගත් බොහෝ දේවල් අහිමි කරමින් ජීවිත රැසක් බිලිගත් ඒ අමිහිරි මතකයට අදට වසර 18කි. 2006 වසරේ සිදුවූ එම සුනාමි ව්‍යසනයෙන් ජීවිත තිස්පන්දහසකට අදික ප්‍රමාණයක් බිළිගත් අතර, විශාල ලෙස දේපල අහිමිවීම්ද සිදුවිය. 


සුනාමි ව්‍යසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් පමණ ආපදාවට ලක්විය. එයින් ආපදාවට පත්වූ සහ ජීවිත අහිමු වූ සියලු දෙනා වෙනුවෙන් මෙවර “ජාතික සුරක්ෂිත දිනය” අද දින දිස්ත්‍රික් මට්ටමින් රට පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය වී ඇත. ඒ අනුව එහි ප්‍රධාන සැමරුම් උත්සවය “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන්, ඇතු`ඵ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ප්‍රජා සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.


ඒ වෙනුවෙන් අද දින බොහේ ස්ථානවල පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා නිශ්ශබ්දතාවයක්ද පැවැත්වී ඇති බවද සඳහන් වෙයි. එමෙන්ම මියගිය සහ ආපදාවට ලක්වූ සියලු ජනතාව සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් වී ඇති අද දින දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් පැවැත්වීමටද කටයුතු සංවිධානය වී ඇත. 

නයනා උදයංගනී


 

ඩොලරය යළි නගී Read Previous

ඩොලරය යළි නගී

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Next

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

Realted Post

Leave a comment