අමෙරිකාවේ හොඳම නීති සිසුවා ශ‍්‍රී ලාංකිකයෙක්...

2023 වසරේ අමෙරිකාවේ හොඳම නීති සිසුවා ලෙස සම්මානයට යෝජනා වී ඇත්තේ ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති ශිෂ්‍යයකු වබ වාර්තා වේ. නමින් ඩිලන් මහේන් ගුණරත්න වන ඔහු අමෙරිකාවේ සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විදුහලේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ඩිලන් මහේන්ගේ මවුපියන් ශ‍්‍රී ලාංකිකයින් වන අතර ඔහු ඉපදී ඇත්තේ කැනඩාවේ බව සඳහන් වේ. ඉන්පසු අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ”කැල් ස්ටේට්” විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගන්නා ඔහු පසුව සවුත් වෙස්ටරන් නීති විද්‍යාලයට ඇතුලත් වී ඇත්තේ අමෙරිකන් ඩොලර් 75,000ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමින් බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් අමෙරිකාවේ මෙම වසරේ හොඳම නීති සිසුවා ලෙස යෝජනා වී ඇති ඔහු 19 වැනිදා පැවැත්වීටම නියමිතව ඇති එම නීති විද්‍යාලයේ උපාධි ප‍්‍රධානෝත්සවයේදී විශේෂ කතාවක් පැවැත්වීමටද නියමිතව ඇති බව සඳහන් වේ. එය සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විද්‍යාලය තුල විශේෂ කතාවක් පැවැත්වීමට ලාංකික ශිෂ්‍යයකු තෝරාගත් ප‍්‍රථම අවස්ථාවද වේ.

නයනා උදයංගනී

ද යූත්ක්වේක් Read Previous

ද යූත්ක්වේක්

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment