ආසියාවේ සිරියාවන්තම විවාහක රූ රැජින - සංජීවනී ඇඹුල්දෙණිය

තායිලන්තයේ බැංකොක් නුවර පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වී ආසියාවේ සිරියාවන්තම ( Elegance ) විවාහක  රූ රැජින කිරුළ දිනා ගත්  සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය එම කිරුළ රැගෙන අද(05) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය මෙම 2023 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වී තිබූ අතර , එනිසාම ඇය ආසියානු විවාහක රූ රැජින තරගාවලිය සදහා යොමු කර තිබුණි .

මෙම තරගාවලිය ඉකුත් 29 දින සිට 04 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර , ආසියානු රටවල් 27 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

(ටී.කේ ජී.කපිල )

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment