ඇස් නොපෙනෙන පෙන්ගුවින්ලට කාච දාලා...?

 

 

මේ කියන්න යන අපූරු සිදුවීම වාර්තා වෙන්නේ සිංගප්පූරුවෙන්. සත්තු කියන්නෙත් මිනිසුන් වගේම සතුටින් ජීවත් වෙන්න ඕනෑ අය. ඒ නිසා ඔවුන්ට පීඩාවක් වන ඕනෑම අවස්ථාවක ඒ අය වෙනුවෙන් පෙනී සිටීම, වගකීම් ගැනීම අපේ යුතුකමක්. සමහර වෙලාවට ඔවුන්ට හැදෙන ලෙඩ රෝග, අපහසුතා එතරම් සැලකිල්ලකට නොගන්නා පිරිස් අපේ සමාජයේත් ඕනෑ තරම් සිටිනවා කියන එක රහසක් නොවේ. ඉතින් කොහොම වුනත් මේ හැමෝම අතරේ මේ ආදරණීය ජීවිත ගැන බොහොම අවධානයෙන් බලන අයත් නැතුවම නොවේ. මේ කියන්නේ ඒ වගේ සිදුවීමක්.

 


වයසට යද්දි මිනිසුන් වන අපටත් විවිධ අපහසුතා වලට මුහුණ දෙන්න සිදුවීම සාමාන්‍ය දෙයක්. සතුන්ටද ඒකේ වෙනසක් නෑ. සිංගප්පූරුවේ සත්ව උද්‍යානයක වයස්ගත පෙන්ගුවින්ලා තුන්දෙනකුගේ ඇස්වල සුද මතුවීමක් නිසා ඔවුන්ගේ ඇස් පෙනීම දුර්වල වී තිබුණා. ඒ වුනත් ඔවුන් වයසයි කියලා අතහැරලා දාන්න නම් ඒ රටේ නිළධාරීන් සූදානම් වෙලා නැහැ. ඒ නිසාම මේ අසරණ වූ පෙන්ගුවිල්ලගේ ඇස්වල සුද ඉවත්කරලා කෘතීම කාච සවි කිරීමේ ශල්‍ය කර්මයක් සාර්ථකව සිදුකරලා තිබෙනවා. 


කොහොම වුනත් දැන් මේ කාච දැමීම නිසා ඔවුන්ට යලිත් පෙනීම ලැබිලා තියනවා කියලයි ආරංචි වෙන්නේ.

නයනා උදයංගනී 


 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Previous

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

එයා සිත නිවන භාවනාවක් Read Next

එයා සිත නිවන භාවනාවක්

Realted Post

Leave a comment