ඇෆ්ගන් කතුන්ට රූපලාවන්‍යාගාරත් වැසෙන ලකුණුද...?

මේවන විට කාන්තා නිදහස සහ අයිතීන් දිනාගනිමින් කාන්තාවට නිසි තැන ලැබී ඇති රටවල් බොහෝමයක් තිබුණත් තවමත් කාන්තාවන්ට ඔවුන්ගේ නිදහස අහිමිකල, රටවල් ද තිබේ. ඇෆ්ගනිස්තානය කියලා කියන්නෙත් එවැනි නීති තදින්ම ක්‍රියාත්මක වන රටවල් අතරින් එකක් බවට මේ වන විට පත්ව ඇත. ඒ ඔවුන්ට දරුණු ලෙස මුහුණ පෑමට සිදුව ඇති තලේබාන් නීතියත් සමඟයි.

ඒ අනුව තලේබාන් සංවිධානය විසින් එරට කතුන්ගේ නිදහස අහිමි වන සේ නීති බොහෝමයක් පනවා ඇති අතර මේ වන විට ඔවුන් එරට කාන්තාවන් වෙනුවෙන් රැගෙනවිත් ඇති අලුත්ම නියෝගය වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් වෙනුවෙන් ඇති සියලුම හිසකෙස් සහ රූපලාවන්‍යාගාර වසා දැමීමට කටයුතු කිරීමයි.

එමෙන්ම මේ වන විටත්, ඔවුන් නව යොවුන් කාන්තාවන්ට පන්ති කාමර, උද්‍යාන තුලට ඇතුලුවීම්, සහ ව්‍යායාම මධ්‍යස්ථාන ද තහනම් කර ඇති බවද සඳහන් වේ.

නයනා උදයංගනී

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’ Read Previous

’’සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය’’

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Next

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

Realted Post

Leave a comment