ඉන්දියාවේ භූකම්පනය ගැන කොළඹටත් අනතුරු ඇඟවීමක්...

 

තුර්කියේ සිදුවූ භූ කම්පනයට වඩා තවත් ප්‍රබල සහ බරපතල භූ කම්පනයක් ඉදිරි සතියේදී ඉන්දියාවේ හිම්චාල් -උත්තරකාන්ත් ප්‍රදේශවලට ඇතිවිය හැකි බවට ඉන්දීය භූචලන විමර්ශන ආයතනයේ ප්‍රධානී පූර්ණචන්ද්‍ර රාධි ඉන්දියන් රජයට පසුගියදා අනතුරු අඟවා තිබුණි. ඒ අනුව මේ වන විට වාර්තා වන්නේ රික්ටර් මාපකයේ අටක් ලෙස පෙන්වා ඇති මෙම ප්‍රබල භූ කම්පනය සිදුවුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාවේ කොළඹ නඟරයටද බලපෑම් ඇතිකිරීමට වැඩි ඉඩක් ඇති බවට භූගෝල විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කර ඇත.


මේවන විටත් ඉන්දියාවේ උත්තරකාන්ත් ප්‍රාන්තයේ ස්ථාපිත කර ඇති භූචලන මධ්‍යස්ථාන දහඅටක් තුල නිරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවද වාර්තා වේ. මෙය තුර්කියේ සිදුවූ භූ කම්පනයට වඩා බිහිසුනුවිය හැකි බවද විමර්ෂණ ප්‍රධානී රාධි පවසයි. ඒ අනුව මෙම ව්‍යසනය සිදුවුවහොත් ඉන්දියාවේ ඇති වසර සිය ගණනක් ඉපැරණි ගොඩනැඟිලි වලටද දැඩි අවදානමක් ඇති බව පර්යේෂකයින් අනතුරු අඟවා ඇත.

නයනා උදයංගනී   


  

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී Read Previous

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ  ජන්ම දිනයට  පවුල්  200 කට,වියළි ආහාර ද්‍රව්‍ය   බෙදා දෙති. Read Next

මල්වතු පාර්ශවයේ මහා නාහිමියන්ගේ ජන්ම දිනයට පවුල් 200 කට,වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙති.

Realted Post

Leave a comment