ඉන්දීයාවට ආ අද්භූත වස්තුව

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ වී තිබෙනවා. 

ගුවන්තොටුපොළේ කටයුතු අඩපණ වූ බව පැවැසෙන්නේ, හඳුනා නොගත් අද්භූත පියසැරි වස්තුවක් ගුවන්තොටුපොළට ඉහළින් අහසේ සැරිසැරීම නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

මෙම අද්භූත වස්තුව හේතුවෙන්, මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය 3 ක් ගුවන් තොටුපොළේ රඳවා ගැනීමට ගුවන් බලධාරීන්ට සිදු වී තිබෙනවා. 

ගුවන්තොටුපොළට ආ මගී ගුවන් යානා දෙකක් කොල්කොටා සහ ගුවහාතී ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු බවත් එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරනවා. 

සටහන - කසුනි විජේසිංහ

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Previous

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Next

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

Realted Post

Leave a comment