එංගලන්ත හිටපු රූ රැජින වසර 20ක් සිපිරිගෙට

 

තිස් හතර හැවිරිදි ජෙනිෆර් යන්ග් යනු⁣ එංගලන්තයේ හිටපු රූ රැජිනයි. ඇය මේවන විට  මෙක්සිකෝවේදී වසර 20ක සිරදඬුවමකට පත්ව  ඇති බවයි වාර්තා වන්නේ. ජෙනෆර් එලෙස සිරදඬුවමට පත්ව අැත්තේ ඇය විසින් සිදුකළැයි පැවසෙන මත්ද්‍රව්‍ය ජාවරමකට බවයි අනාවරණය වන්නේ.

කෙසේ නමුත් ඇය ලඟ තිබී හසුවී ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම ස්ටර්ලිං පවුම් 250,000ක් බවයි පැවසෙන්නේ.

 


එලෙස මත්ද්‍රව්‍ය සොයාගෙන අැත්තේ ඇය ඩෙන්මාර්කයේ සිට මෙක්සිකෝවේ කැන්කුන් නුවර දක්වා ගුවන් මගින් පැමිණ තිබෙන අවස්තාවකයි. ඇයගේ ගමන් මල්ලේ පහළ කොටසේ සකස්කර තිබූ ව්‍යාජ කොටසක මෙලෙස මත්ද්‍රව්‍ය සඟවාගෙන අැවිත් තිබෙන අතර ඒවායේ බර කිලෝග්‍රෑම් 13,080ක් බවයි සඳහන් වන්නේ.


මෙම සිදුවීම සිදුවී අැත්තේ පසගිය වසරේ දී වන අතර එහි නඩුතීන්දුව මෙලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ පසුගිය දිනයකයි. ඇය රූ රැජින තරඟය ට ඉදිරිපත් වී ඇත්තේ 2007 වසරෙදී වන අතර, පොලිස් වාර්තා වලට අනුව ඇය වසරක පමණ කාලයක් තිස්සේ මෙලෙස ලෝකය පුරා රටවල් රැසක මෙම ජාවාරමේ යෙදී ඇතිබව හෙලිවී ඇත.

නයනා උදයංගනී

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල්  මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල Read Previous

විජය සමාජ මාධ්‍ය අංශය සහ ඩිජිටල් මාධ්‍ය එකමුතුවෙන් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Next

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

Realted Post

Leave a comment