ඒඩ්ස් මඩින්න පොළොන්නරුවට කොන්ඩම් කවුළු

 

සමාජ රෝගයක් වන ඒඩ්ස්වල වැඩිවීමක් ගැන මේ දිනවල වැඩි කතාබහක් පැතිරෙනවා. ඒඩ්ස් පැතිරීමට ප්‍රධාන හේතු වන්නේ අනාරක්‍ෂිත ලිංගික සබඳතා සහ ආරක්ෂාකාරී සෞඛ්‍ය සම්පන්න පිළිවෙත් අනුගමනය නොකිරීමයි. කෙසේ වුවත් මේ වන විට ඒඩ්ස් රෝගය වැඩි පැතීරීමක් අතිබව පැවසෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. 


පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන විදියට මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය අවසන් වන විට ඒඩ්ස් රෝගීන් දාසය දෙනකු හමු වීතිබෙනවා. ඒ නිසා දිස්ත්‍රික්කයෙන් වාර්තාවෙන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 82 ක්.
මේ අසාදිතයින් වැඩිවීම ගැන සොයා බැලීමේදී හඳුනා ගැනීමට ලැබී ඇත්තේ ඔවුන්ගෙන් වැඩි පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇත්තේ සමලිංගික ඇසුර නිසා බවයි. ඒඩ්ස් රෝගීන් වැඩිවීමේ හේතුව නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන ලද කවුළු හරහා මසකට උපත් පාලන කොපු පනස්දහසක් නොමිලේ නිකුත් කිරීමටත් තීරණය කර තිබෙනබවයි ආරංචි.

නයනා උදයංගනී 


 

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Previous

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

ද යූත්ක්වේක් Read Next

ද යූත්ක්වේක්

Realted Post

Leave a comment