කිලෝ මීටර් දෙකක් විනාඩි 14න් ඇවිද ගිහින් ගිනස් පොතට ගිය පුංචි පැංචි...

මේ පුවත වාර්තා වන්නේ මස්කෙළිය ප්‍රදේශයෙන්. පලමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි දියණියක් තමයි මේ ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ. ඒ කිලෝමීටර් 2කට අධික දුරක් විනාඩි 14න් පයින් ගමන් කරමින්.
විග්නේෂ්වරන් ශස්මිකා නැමති එම දියණිය පා ගමනින් මස්කෙළිය ශ්‍රීපාද මාර්ගයේ බ්‍රවුන්ලෝ වතුයායේ හින්දු කෝවිල අසල සිට මස්කෙළිය පොලිස් ස්ථානය දක්වා කිලෝමීටර් 2කට අදික දුරක් මෙලෙස ගමන් කර ඇත.
ඇයගේ පියාද මාස කිහිපයකට පෙර මෙලෙස වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වේ.
පියා වූ එස් විග්නේෂ්වරන් ද යාපනයේ සිට කොළඹ දක්වා පාගමනින් ගොස් මෙරට වාර්තාවක් තැබු නිසා තමන්ටද ගිනස් වාර්තාවක් තැබීමට අසාවක් ඇති වූ බව ඇය පවසයි.

නයනා උදයංගනී

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් Read Previous

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Next

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

Realted Post

Leave a comment