චාල්ස් ගේ රාජාභිෂේක වියදම පවුම් කෝටි 10 ක්...

 

චාල්ස් රජුගේ කිරුළු දැරීමේ උත්සවය යෙදී ඇතිබව සඳහන් වන්නේ මැයි මස හයවැනි දිනටයි. ඒ අනුව තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා යන සියලුම වියදම දරන්නේ එරට රජයෙන් වන අතර, එය රාජ්‍ය උත්සවයක් නිසා එහි සියලු වියදම් රජය විසින් දැරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මෙම රාජාභිෂේකය සඳහා යන සියලුම වියදම බි්‍රතාන්‍ය ස්ටර්ලිං පවුම් කෝටි 10 ක් පමණ වෙනවා.


කෙසේ නමුත් එරට වැසියන්ගෙන් ඊට විරුද්ධත්වයක් එල්ල වී ඇති බවද අනාවරණය වෙනවා. ජීවන වියදම ඉහළයාම නිසා අපහසු කාලයක් ගෙවමින් සිටින සමයක රජුගේ රාජාභිෂේකයට මෙපමණ මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ලවන බව එරට මාධ්‍ය සඳහන් කරනවා.

 


ඒ වගේම රාජාභිෂේක දිනය බැංකු නිවාඩුවක් ලෙස ද පත්කර ඇති අතර එක් බැංකු නිවාඩු දිනයකින් එරට රජයට පවුම් බිලියන 2.3ක පාඩුවක් සිදුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම නිසා රාජාභිෂේකය සිදුවන දිනයේදී රාජාණ්ඩු ක්‍රමයට විරුද්ධ ජනතාව බි්‍රතාන්‍යය පුරා විරෝධතා සංවිධානය කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

නයනා උදයංගනී

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක්  දන්සැල Read Next

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක් දන්සැල

Realted Post

Leave a comment