ජපානයට ආ සුනාමි රළ

රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් සුනාමි රළ ජපානයේ උතුරු වෙරළ තීරයට කඩා වැදී තිබෙනවා.

ජපන් බලධාරීන් පැවැසුවේ, මීටර් 1.2 ක් උසැති රළ ඉෂිකාවා පළාතේ වෙරළ තීරයට කඩා වැදුණු බවයි.

ටොයාමා පළාතේ ටොයාමා නගරයට මීටර් 0.8 ක සුනාමි රළ කඩා වැදී තිබෙනවා. සුනාමි රළින් හෝ භූමි කම්පාවෙන් හෝ කිසිදු හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා නැහැ.

සටහන - සමේලා රාජපක්ෂ

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Previous

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

එයා සිත නිවන භාවනාවක් Read Next

එයා සිත නිවන භාවනාවක්

Realted Post

Leave a comment