දිය යට හෝටලයේ රැයක් ගත කිරීමේ ආරාධනය ප්‍රතික්ෂේප කල ඉන්දීය ප්‍රකෝටිපතියා

ලොව ප්‍රථම දියයට කාමර සහිත හෝටලය වූ මුහුදු මට්ටමේ සිට අඩි දාසයක් පහළින් කාමර නිර්මාණය කර ඇති මාලදිවයිනේ මුකාරා ඉදිකර ඇත්තේ 2018 වසරේදීයි. මෙහි කාමරයක එක් රැයක් ගත කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් එනම් ලංකා මුදලින් එක්කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් වැයවන බව පැවසේ. මෙම සුපිරි හෝටලයේ රැයක් ගත කිරීමට ප්‍ර⁣කෝටිපතියකු වූ ඉන්දියාවේ මහේන්ද්‍රා ව්‍යාපාර සමූහයේ සභාපති ආනන්ද් මහින්දාට ආරාධනා කර තිබෙන අතර, එම ආරාධනය තමන් ප්‍රතික්ෂේප කරන බව ඔහු ප්‍රකාශකර තිබේ.

ප්‍රතික්ෂේප කිරීමට හේතුව වශයෙන් ඔහු පවසා ඇත්තේ, එහිදී තමන් නිසැකවම, එම කාමරවල වීදුරුවල  කඩතොලු තිබේදැයි පරීක්ෂා කරමින් මුලු රැයම ගතකරනු ඇති නිසා, විනාඩි පහක වත් සුවනින්දක් ලබාගැනීමට තමාට නොලැබෙන බව,සිතන බැවින් තමන් එම ආරාධනය ප්‍රතික්ෂේප කරන බව පවසා ඇත.

සටහන - නයනා උදයංගනී

 

එයා සිත නිවන භාවනාවක් Read Previous

එයා සිත නිවන භාවනාවක්

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment