නොමියන මතක ඉතිරිකර සම්මානනීය සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා ජේමිස් පීරිස් දිවිමඩලින් සමුගනී...

 

හෙළ සිනමාවේ පියා ලෙස සැලකෙන මහා කලාකරුවකු වූ ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ ආදරණීය බිරිඳ සුමිත්‍රා පිරිස් මහත්මිය අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි සැරයෙන් සමුගෙන ඇත. ලාංකීය සිනමාවේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වූ ඇය මිය යනවිට අසූඅට වැනි වියේ පසුව ඇත.


තම ජීවිතය තුල කලාව වෙනුවෙන් ජීවිතය කැප කරමින් ඉමහත් සේවයක් කළ ඇය මෙරට ප්‍රථම වෘත්තාන්ත සිනමාවේ සංස්කරණ ශිල්පිණිය වන අතර සිව්වන සිනමා අධ්‍යක්ෂිකාවද වේ. වෛශ්නාවී, සක්මන් ම`ඵව, දුවට මවක මිස, ලොකු දුව, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා, මායා, යහ`ඵ යෙහෙළි, ගඟ අද්දර, ගැහැණු ළමයි, යන කලා නිර්මාණ ඇය විසින් අධ්‍යක්ෂණය කළ විශිෂ්ඨ නිර්මාණ අතර වේ. 


ඇයගෙන් සිදු වූ ඉමහත් සේවය නිසාම, ඇය තම ජීවිතයේ බොහෝ සම්මානවලට පාත්‍ර වී ඇත. හොඳම සංස්කරණ ශිල්පිණිය ලෙසද, හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් ඇය සරසවි සම්මාන, ජනාධිපති සම්මාන, ඕසීඅයිසී සම්මාන රාශියකින්ද පිදුම්ලබා ඇත. කෙසේ නමුත් ඇය දිවි මඩලින් සමුගන්නේ ලාංකිය හදවත්තුල මතක ගොන්නක් සඳහටම ඉතිරිකරමින්ය.

නයනා උදයංගනී


 

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් Read Previous

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් Read Next

සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක්

Realted Post

Leave a comment