ප්‍රංශ හුණු ගලින් නිමවූ රැජිනගේ විශ්මිත ප්‍රථිමාව විවෘත කරයි

 

ලෝකයේ රටවල් අතර විශාල බලයක් මහා බි්‍රතාන්‍යට හිමි වෙනවා. මේ දේශයට හිරු නොබසින අධිරාජ්‍ය කියලා කියන්නත් ලොකු හේතුවක් තියනවා. වර්තමානය වගේ ඉස්සර ලෝකයේ රටවල් හුඟක් බෙදිලා තිබුණේ නැතිනිසා මේ බි්‍රතාන්‍යයෝ ලෝකයේ රටවල් බොහෝමයක් යටත්කරගෙන තිබුණනේ. ඉතින් ඒ යටත් රටවල් වලින් සමහර රටවලට හිරු බැස යද්දි, තවත් රටවලට හිරු උදාවෙනවා. ඒ නිසා තමයි මහා බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍ය කියලා හඳුන්වන්නේ. කොහොම වුනත් ඉතින් මේ රටේ ධනයෙන් වගේම බලයෙනුත් බලවත්ම පුද්ගලයා තමයි රැජින කියන්නේ.

 


ඉතින් පසුගිය දවස්වල මේ හිරු නොබසින අධිරාජ්‍යයේ බැසගිය සඳමඩල එහෙමත් නැතිනම් වටිනාම වස්තුව වූ ඇය දැයෙන් සමුගත්ත බව අපි හැමෝම කාරණයක්නේ. ඒ දෙවන එළිසබෙත් මහරැජින නැතිනම් එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී. ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන නම් නෙවයි. මේ කියන්න යන්නේ ඇය මියගිය පසුව ඇය වෙනුවෙන් නිර්මාණය කර පසුගියදා විවෘතකල ප්‍රංශ හුණු ගලින් නිමවූ ඇයගේ ප්‍රතිමාව ගැන. මේ වන විට එංගලන්තයේ යෝර්ක් මිනිස්ටර් ආසන දෙව්මැදුරේ ස්ථානයක තැම්පත් කර ඇති ප්‍රතිමාව තුන් වන චාල්ස් රජු විසින් විවෘත කර තිබෙනවා. 


විදෙස් වාර්ථාවලට අනුව එංගලන්තයෙදී විවෘත වූ ඇයගේ රුව රැගත් මේ විශ්මිත ප්‍රතිමාව ප්‍රංශ හුණුගලින් කැටයම් කර නිර්මාණය කර ඇති අතර, එය අඩි හයයි අඟල් හතක් උසයි කියලයි පැවසෙන්නේ. ඒ වගේම මේ ප්‍රතිමාවේ බර ටොන් දෙකකට ආසන්න බවත් සඳහන් වෙනවා. රැජිනගේ අභාවයෙන් පසුව නිර්මාණය වුන මේ ප්‍රථිමාව හැත්තෑ වසරක් ගතවීම නිසා ඇයට දක්වන ගෞරවයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. 

 


කෙසේ නමුත් මේක නිර්මාණය වෙලා තියෙන්නේ රැජිනගේ අභාවයට පසුව ඇතිවුන යෝජනාවකින් නම් නෙවෙයි. මේක සැලසුම් කරලා තියෙන්නේ වසර පහකටත් ඉස්සර කියලයි තොරතුරු දැනගන්න ලැබෙන්නේ. ඒ රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය සැමරීමට. නමුත් රැජින මියයන්න මාසයකට පෙර තමයි ඒක අවසන් වෙලා තියෙන්නේ. 


මේ විශ්මිත නිර්මාණයේ මූර්ති ශිල්පියාව තෝරාගෙන තිබෙන්නෙත් විශේෂ තරඟයකින් වීම තවත් සුවිසේශී දෙයක්. ගල් වඩුවඩු වූ ඔහු වසර එකොළහක්ම සේවය කර තිබෙන්නෙත් යොර්ක් මින්ස්ටර් වල.


 


නයනා උදයංගනී   


 

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Previous

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Next

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

Realted Post

Leave a comment