පිළිකා රෝගීන්ට එංගලන්තෙන් සුබ පණිවුඩයක්

 

පිළිකාව කියන්නේ නිට්ටාවටම සුව කළ නොහැකි දරුණු රෝගයකි. ලෝකය පුරා ලොකු, කුඩා බේදයක් නොමැතිව සුවහසක් මිනිසුන් මෙම රෝගයෙන් පීඩා විඳින අතර බොහෝ දෙනා මරණයෙන් ජීවිතය අවසන් කරයි. එහෙත් මේ වන විට ලෝකයේ සියලු පිළිකා රෝගීන්ට සතුටු ආරංචියක් ලබාදෙමින් පිළිකාව නිට්ටාවටම සුව කළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බි්‍රතාන්‍ය විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. 


ෘභ් වෙනස්කර පිළිකාව සුව කළ හැකි ඖෂධයක් එලෙස ඔවුන් සොයාගෙන ඇත. ඒ අනුව වෛද්‍යවරු විසින් ප්‍රතිකාර ලබා දී බි්‍රතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේ ජීවත් වූ ලියුකේමියාව වැලඳී ඇති වයස අවුරුදු දහතුනක දැරියක් නිට්ටාවටම සුව කර  තිබේ.


වෛද්‍යවරු පවසන විදියට මෙම දැරියගේ සිරුර තුළ බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය භාවිතා කර ජීවමාන ඖෂධයක් ප්‍රතිනිර්මාණය කරගනිමින් පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට වෛද්‍යවරුන් සමත්ව තිබේ. ජාන වෙනස් කිරීමකට ලක්කිරීම එම ප්‍රතිකාරය මඟින් සිදුකර ඇත. 

නයනා උදයංගනී


     

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment