බෙෆ්ටා සම්මාන උළෙලේ ’’ඕපන්හයිමර්’’ට සම්මාන රැසක්..

බ්‍රිතාන්‍ය සිනමා සහ රූපවාහිනී සම්මාන උලෙළ හෙවත් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල මෙවර  77 වැනි වරට ලන්ඩන් නුවර රෝයල් ෆෙස්ටිවල් රඟහලේ දී පැවැත්වුණා.

මෙවර සම්මාන උළෙලේ ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය, හොඳම චිත්‍රපටයට අමතරව, ප්‍රධාන සම්මාන රැසක් දිනා ගෙන තිබෙනවා.

හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටයේ පරමාණු බෝම්බය නිපදවූ ඕපන්හයිමර්ගේ චරිතය රඟ දැක්වූ කිලියන් මර්ෆි වන අතර එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.

හොඳම සහාය නළුවා සම්මානය දිනුවේ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය වෙනුවෙන් එහි රංගනයෙන් දායක වූ ජනප්‍රිය නළු රොබට් ඩවුනි ජූනියර්.

හොඳම සංස්කරණය, සංගීතය ඇතුළු තවත් සම්මාන රැසක් ද ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය දිනාගෙන තිබෙනවා.

සටහන - සමේලා රාජපක්ෂ

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක්  දන්සැල Read Previous

පුද්ගලික බස්රියේ අපූරූ වෙසක් දන්සැල

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Next

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

Realted Post

Leave a comment