මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් හදිසියේ මිය යයි.

මලයාලම් සිනමාවේ රංගනයෙන් දායක වූ සුරූපී රංගන ශිල්පිනියක් වන ප්‍රියා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගිය බවයි තවදුරටත් විදෙස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මිය යන අවස්ථාවේ ඇය මාස 8ක ගැබිණියක් ව සිට ඇති අතර වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

බිලිඳා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම වැඩිදුර ආරංචි මාර්ග සදහන් කරනවා.

මිය යන විට ඇය 35 හැවිරිදි වියේ පසු වී තිබෙනවා.

ඇය කරුමුතු චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර වෘත්තියෙන් වෛද්‍යවරියක්.

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Next

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

Realted Post

Leave a comment