මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් හදිසියේ මිය යයි.

මලයාලම් සිනමාවේ රංගනයෙන් දායක වූ සුරූපී රංගන ශිල්පිනියක් වන ප්‍රියා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගිය බවයි තවදුරටත් විදෙස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මිය යන අවස්ථාවේ ඇය මාස 8ක ගැබිණියක් ව සිට ඇති අතර වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ ජීවිතය බේරාගැනීමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

බිලිඳා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම වැඩිදුර ආරංචි මාර්ග සදහන් කරනවා.

මිය යන විට ඇය 35 හැවිරිදි වියේ පසු වී තිබෙනවා.

ඇය කරුමුතු චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර වෘත්තියෙන් වෛද්‍යවරියක්.

චත්‍ර වීරමන්ගේ ’ආයු’ ඔක්තෝබර් මාසයේ රිදී තිරයට! Read Previous

චත්‍ර වීරමන්ගේ ’ආයු’ ඔක්තෝබර් මාසයේ රිදී තිරයට!

ලෝක ළමා දිනය සමරමින්’’ සිහින සරුංගල් ’’ සිනමා අඹරට එක්වෙයි . Read Next

ලෝක ළමා දිනය සමරමින්’’ සිහින සරුංගල් ’’ සිනමා අඹරට එක්වෙයි .

Realted Post

Leave a comment