මෙසී හිටපු කටාර් හෝටල් කාමරය කෞතුකාගාරයක් වෙයිද?

 

ලෝකයේ බොහෝ දෙනකුගේ ආදරය දිනූ ක්‍රීඩකයෙකු ලෙස පාපන්දු ශූර ලියොනල් මෙසීට හිමිවන්ගේ ප්‍රමුඛස්ථානයකි. ඒ ලෝකයම පුදුමයට පත්කරමින් මෙවරත් ලෝක පාපන්දු කුසලානයේදී මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වයත් සමගයි. ඒ හේතුව නිසාම මේ සුපිරි පාපන්දු ක්‍රීඩකයා වෙනුවෙන් කුඩා කෞතුකාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කරයි. 


ඒ අනුව ඔවුන් සැලසුම් කර ඇත්තේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වූ කාල වකවානුව තුළ මෙසී නවාතැන් ගෙන සිටි කටාර් හී හෝටල් කාමරය මෙලෙස කෞතුකාගාරයක් බවට පත්කිරීමටයි. 
මේ සැලසුම නිසා මෙසී නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයේ වෙනත් කිසිවකුට නවාතැන් ගැනීමට අවස්ථාවක් නොදෙන අතර, එය නරඹන්නන් සඳහා පමණක් විවෘත කර ඇති බව සඳහන් වේ. 


මේ වන විට වයස අවුරුදු 35 ක් වන මෙසී අවස්ථා හතකදී ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික පාපන්දු සම්මේලන සම්මානයද දිනාගෙන සිටියි. ඔහු මෙවර අවසන් තරගයේදී දක්ෂතම ක්‍රීඩකයා වෙනුවෙන් ප්‍රදානය කෙරෙන ගෝල්ඩන් බෝල් සම්මානයද තමා සතු කරගැනීමේ භාග්‍ය උදාකරගත් විශිෂ්ට ක්‍රීඩකයෙකු විය. එම නිසා මේ සුපිරි ක්‍රීඩකයාගේ බඩු බාහිරාදිය අනාගත පරම්පරාවට උරුමයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

නයනා උදයංගනී   


 

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්. Read Previous

මහනුවර පාසැල් දරුවන් මතින් මුදවා ගන්න ,මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්.

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා Read Next

33 වැනි ආසියානු කනිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය: ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා

Realted Post

Leave a comment