ලෝකයක් ආදරය කරපු ප්‍රින්සිපල් සර්...

ලොව පුරා විශාල පිරිසකගේ ආදරය දිනාගත්ත Harry Potter චිත්‍රපට මාලාවේ චිත්‍රපට හයෙහි Dumbledore චරිතයට රංගනයෙන් දායක වූ Sir Michael Gambon මුළු ලෝකයම ශෝකයට පත් කරමින් පසුගිය දින අභාවප්‍රාප්ත වුණා. 

මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවුණා.

ලොවපුරා අතිශය ජනප්‍රිය වූ හැරී පෝටර් චිත්‍රපටයේ Dumbledore චරිතය හරහා Sir Michael Gambon රසිකයින්ගේ ආදරය දිනා ගත්තා.

ඔහුගේ අභාවය පිළිබඳව හැරී පොටර් සාමාජිකයන් ඇතුළුව තවත් බොහෝ පිරිසක් මේ වනවිට ශෝකය පළකර තිබෙනවා. 

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රධානම චරිත තුනට රංගනයෙන් දායක වූ Daniel Radcliffe , Emma Watson සහ Rupert Grint ඒ අතර  සිටිනවා. 

චිත්‍රපට මාලාවේදී Michael Gambon සමඟ ඉතාමත් සමීපව සමීපව කටයුතු කරපු Harry Potter එහමත් නැත්නම් Daniel Radcliffe මෙලෙස තම අදහස් පළ කර තිබෙනවා. 

" මයිකල් ගැම්බන් යනු මට එක්ව වැඩ කිරීමට වරප්‍රසාදය හිමි වූ ඉතාමත් දක්ෂ , වෙහෙසක් නොමැතිව තම කාර්යය ඉටු කරන නළුවෙක්... මට ඔහු ගැන වැඩිපුරම මතක ඇති දෙය නම් ඔහු කෙතරම් විනෝදයෙන් තම කාර්යය කළාද යන්නයි. "

හැරී පොටර් චිත්‍රපට මාලාවේ කිසිදා අමතක කළ නොහැකි චරිතයකින් අප වෙත ඉතාමත් ලස්සන මතක රැසක් ගෙන දුන් තවත් එක් චරිතයක් මේ ආකාරයෙන් නික්ම යනවා.

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025 Read Previous

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

දරුවන්ට නිතර සවන් දෙන දෙමාපියන් සාර්ථක දෙමාපියන් Read Next

දරුවන්ට නිතර සවන් දෙන දෙමාපියන් සාර්ථක දෙමාපියන්

Realted Post

Leave a comment