ලෝකෙටම පෙන්නුවත් විකුණන්න බැරිවුණු නිල් මැණික් පොකුර

ලොව විශාලතම නිල් මැණික් පොකුරක් ලංකාවේ රත්නපුර ප‍්‍රදේශයෙන් හමුවී ඇති පුවතක් මීට වසර දෙකකට පමණ පෙර අසන්නට ලැබුණා ඔබට මතක ඇති. එලෙස හමු වූ මැණික් පොකුර මෙරටදී හමුවූ විශාලතම මැණික් පොකුර බව සලකමින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එහි නියම තක්සේරු වටිනාකම ඩොලර් 10,000 ක් පමණ වන බව පවසා තිබුණි.

කොහොම වුනත් මෙම මැණික් පොකුර ලොව විශාලතම නිල් මැණික් පොකුර එහි ඇති කෞතුකමය වටිනාකම ද හේතු කරගෙන ගිනස් වාර්තා පොතටද ඇතුළත් වී තිබෙන බව පරිසර පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභා නිලධාරීන් ද පවසා ඇත.

ඒ පිළිබ`ද පසුගිය කාල වකවානුවේ කිසිදු කතාබහක් නොතිබුණත් මේ වන විට මෙම මැණික් පොකුර විශාල වියදමක් දරමින් රටවල් කිහිපයක මැණික් ප‍්‍රදර්ශන ස`දහා ඉදිරිපත් කර තිබෙන අතර, ඒය ප‍්‍රදර්ශනය ස`දහා මෙලෙස ලොව වටා ගෙනයෑම සදහා මේ වන විට මැණික් පොකුරේ වටිනාකමට වඩා වියදමක් දැරීමට සිදුවී ඇතිබව වාර්තා වේ.

නයනා උදයංගනී

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා Read Previous

පතොක් වගාවෙන් දිවි දිනූ - අචිනි ලක්ෂිකා

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට Read Next

තවත් තනි තරුවක් තරුවක් සේ කරළියට

Realted Post

Leave a comment