ලෝකෙටම පෙන්නුවත් විකුණන්න බැරිවුණු නිල් මැණික් පොකුර

ලොව විශාලතම නිල් මැණික් පොකුරක් ලංකාවේ රත්නපුර ප‍්‍රදේශයෙන් හමුවී ඇති පුවතක් මීට වසර දෙකකට පමණ පෙර අසන්නට ලැබුණා ඔබට මතක ඇති. එලෙස හමු වූ මැණික් පොකුර මෙරටදී හමුවූ විශාලතම මැණික් පොකුර බව සලකමින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එහි නියම තක්සේරු වටිනාකම ඩොලර් 10,000 ක් පමණ වන බව පවසා තිබුණි.

කොහොම වුනත් මෙම මැණික් පොකුර ලොව විශාලතම නිල් මැණික් පොකුර එහි ඇති කෞතුකමය වටිනාකම ද හේතු කරගෙන ගිනස් වාර්තා පොතටද ඇතුළත් වී තිබෙන බව පරිසර පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභා නිලධාරීන් ද පවසා ඇත.

ඒ පිළිබ`ද පසුගිය කාල වකවානුවේ කිසිදු කතාබහක් නොතිබුණත් මේ වන විට මෙම මැණික් පොකුර විශාල වියදමක් දරමින් රටවල් කිහිපයක මැණික් ප‍්‍රදර්ශන ස`දහා ඉදිරිපත් කර තිබෙන අතර, ඒය ප‍්‍රදර්ශනය ස`දහා මෙලෙස ලොව වටා ගෙනයෑම සදහා මේ වන විට මැණික් පොකුරේ වටිනාකමට වඩා වියදමක් දැරීමට සිදුවී ඇතිබව වාර්තා වේ.

නයනා උදයංගනී

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා Read Previous

නිවසේ සිට කරන රැකියා ලබා දෙනවා කියා කාන්තාවන් රවටලා

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී Read Next

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මාතරදී

Realted Post

Leave a comment