ලෝක පාපන්දු ශූරතාව ආජන්ටිනාවට

 

Lionel Messi ගේ සිහිනය සැබෑවෙයි 

රටවල් ගණනාවක දක්ෂ තරගකරුවන් සමග දින ගණනක් පුරා පැවති තියුණු තරගයකින් අනතුරුව ආජන්ටිනාව ලෝක පාපන්දු කුලසානය හිමිකරගැනීමට ඊයේ (18) සමත් විය. 


ඒ වසර තිස් හයකට පසුවය. ඒ අනුව පිට පිටම පාපන්දු ලෝක කුසලානය දිනූ තෙවැනි රට බවට පත්වීමේ අරමුණින් තරග බිමට පැමිණි ප්‍රංශ කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. කරට කර පැවති උණුසුම් තරගයක් අවසානයේ ලෝක පාපන්දු රසිකයින්ගේ හදගැස්ම මොහොතකට නවතමින් ප්‍රබල ආජන්ටිනාව රන් කුසලානය හිමිකර ගත්තේ ප්‍රංශ කණ්ඩායම සමග කරට කර පැවති සටනකින් අනතුරුවය. 


මෙම තරගය ආජන්ටිනාවට තවත් විශේෂ අවස්ථාවක් වන්නේ අති දක්ෂ තරගකරුවෙකු වූ Lionel Messi ගේ අවසන් ලෝක පාපන්දු ශූරතා තරගයවීම හේතුවෙනි. මෙවර තරගාවලියේ ගෝල්ඩන් බෝල් සම්මානය හිමි ගත්තේද ඔහු ය. 


මෙම තියුණු තරගයේදී අමතර කාලය තුළ කණ්ඩායම් දෙකම ගෝල එක බැගින් ලබාගනිමින් ගෝල 03-03 ක් ලෙස යළිත් මෙම කණ්ඩායම් දෙක සම ලකුණු ලබාගැනීම හේතුවෙන් ජයග්‍රහණය තීරණය කිරීමට කණ්ඩායම් දෙකට දඬුවම් පහරක් ලබාදීමට තීරණය විය. එම අවස්ථාවේදී දඬුවම් පහර හතරක් හිමිකරගනිමින් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම 2022 ලෝක පාපන්දු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

නයනා උදයංගනී



 

සා:පෙළ විෂයයන් 7කට බස්සයි Read Previous

සා:පෙළ විෂයයන් 7කට බස්සයි

නුවර කැළි කසළ බැහැර කරන්නන්ට මින් ඉදිරියට  නඩු Read Next

නුවර කැළි කසළ බැහැර කරන්නන්ට මින් ඉදිරියට නඩු

Realted Post

Leave a comment