වඳවීයෑමෙන් වසර 70කට පසු ඉන්දියාවේ උපත ලැබූ පළමු චීටා පැටවුන්

 

වසර හැත්තෑවකට පෙර ඉන්දියාවෙන් චීටා පැටවුන් වඳවී ගිහින් ඇතිබව නිල වශයෙන් ප්‍රකාශකර තිබුණු අතර ඒ පුවතට අවසන් තිත තබමින් අලුත් චීටාපැටවුන් හතර දෙනකුගේ උපතක් ගැන ඉන්දියාවෙන් වාර්තා වේ. එය ඔවුන්ගේ රටට ඉමහත් ප්‍රීතියක් රැගෙන එන අතර එම සුබ ආරංචිය ඉන්දීය පරිසර ඇමතිවරයා විසින් “බාරදූර සිදුවීමක්” ලෙස ප්‍රකාශයට පත්කර ඇත. 


මීට ඉහත දී තම රටින් මෙම සතුන් වඳවී යාමෙන් පසු නැවතත් තමන්ගේ රටට ඔවුන්ව හඳුන්වා දීමට ගත් උත්සායක් ලෙස පසුගිය වසරේදීත් නැම්බියාවෙන් චීටා සතුන් ඉන්දියාවට රැගෙන ඇවිත් ඇති බවද සඳහන් වේ. ඒ විතරක් නොවේ තවත් චීටා සතුන් දොළොස් දෙනකු දකුණු අප්‍රිකාවෙන්ද රැගෙන ඇවිත් තිබෙන බවයි වාර්තා වෙන්නේ. 


කෙසේ නමුත් පසුගිය සැප්තැම්බරයේ එලෙස ගෙනා ගැහැණු සත්වයෙකුට මෙලෙස පැටවුන් ලැබී ඇති අතර වසර හැත්තෑවකට පසුව අසන්නට ලැබුණු මේ ප්‍රීති දායක අවස්ථාව පිළිබඳව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සතුට පළකර ඇතිබවයි වාර්තා වෙන්නේ. 

නයනා උදයංගනී


 

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Previous

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා Read Next

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක තරප්පු පෙලින් ඇද වැටුණු 22 හැවිරිදි සිසුවා

Realted Post

Leave a comment