වසර දෙකකට පසු වලසෙක් වූ සුනඛයෙක්...?

 

බල්ලෙක් කියලා හිතාගෙන හුරතලේට අවුරුදු දෙකක් තිස්සේ ඇති කරලා තියෙන්නේ වලහෙක් කිව්වොත් විශ්වාස කරන්න පු`ඵවන්ද? මේ පුවත වාර්තාවෙන්නෙ නම් චීනයෙන්. චීනයේ ඈත ප්‍රදේශයක ජීවත්වුන සූ යුන් කියන තරුණියක් මේ සුරතලාව මිලදී ගන්නේ හුරතලයට ඇතිදැඩි කරන්න. ඇය මේ විදියට මේ පුංචි සුනක පැටියව මිලදී ගෙන තියෙන්නේ “ටිබෙට් මස්තිෆ්” වර්ගයට අයත් සුනඛ පැටියෙක් කියලා හිතාගෙන කියලයි වාර්තා වෙන්නේ.


කොහොම උනත් ඇය බලු සුරතලෙක් කියලා හිතාගෙන මිළදීගෙන තිබුණ මේ පුංචි සුරතලා අවුරුදු දෙකක් තිස්සේ හරිම ආදරයෙන් රැකබලාගෙන තිබුණා. ඒ වගේම ඇය තමන්ගේ මේ අලුත් බලු සුරතලාට පළතුරු වර්ග වගේම රසවත් කෑමබීම ලබාදීලා නිරෝගීව ඇතිදැඩි කරලත් තිබෙනවා. 


සාමාන්‍යයෙන් “ටිබෙට් මස්තීෆ්” කියන සුනක වර්ගය වලස් පෙනුමට සමාන ක`ඵ පාට සහ දුඹුරු පාට රෝම විශාල ප්‍රමාණයක් සහිත සුනක විශේෂයක්. කොහොම වුනත් මේ බලු සුරතලා ලොකු වෙද්දි නම් එයාගේ අමුතු පුරුදු ටිකක් එළියට ඇවිත් තියනවා. හිටගෙන ඇවිදින පටන් අරන් වගේම එයාගේ බර ඉක්මනින්ම රාත්තල් 250 කින් විතර වැඩිවෙලා තිබෙනවා. ඉතින් මේ අසාමාන්‍ය හේතු නිසාම ඇයට ඇයගේ බලු සුරතලාව වලහෙක් වගේ පෙනෙන්න අරන් තිබෙනවා.


ඒ නිසාම ඇය මේ ගැන යුනාන් වනජීවී බලධාරීන්ව දැනුවත් කරන්නත් අමතක කරලා නැහැ. කොහොම වුනත් අවසානයට ඇයගේ මේ ආදරණීය බලු සුරතලා මේ වන විට අවදානටම ලක්විය හැකි සත්ව කොටසක් ලෙස වර්ගකරලා තියන ආසියාතික ක`ඵ වළසෙක් කියලා තහවුරු කරගෙන තිබෙනවා කියලයි ආරංචි වෙන්නේ. 

නයනා උදයංගනී 


 

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන  ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව Read Previous

ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 සංවත්සරයට සමගාමීව පවත්වන ( Symphony of Wings ) සංගීත සන්ධ්‍යාව

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment