සම, දත් මදිවට කඳුකර කොටියාගේ කකුල් හතරත් කපාගෙන ගිහින්...

 

අපට වඩා සොබාදහමේ උරුමය ඇත්තේ සතා සිව්පාවටයි. නමුත් ඒ උරුමයට අභියෝග කරමින් රාක්ෂ හදවත් ඇති සමහර මිනිසුන් වනසතුන් දඩයම් කරන්නේ තිරිසනුන්ටත් වඩා අන්ත තිරිසනුන් ලෙස වීම ලැබූ මිනිසත් කමටද කරුමයක් ලෙස හැගේ. 


මේ පුවත අනාවරණය වන්නේ බගවන්තලාව ප්‍රදේශයෙන්. අභිරහස් ලෙස මියගොස්ව සිටී හොඳින් වැඩී ඇති කඳුකර කොටියකුගේ සිරුරක් බගවන්තලාව වත්තේ ශ්‍රීපාද ස්වභාවික රක්ෂිතයට මායිම්ව හමුවී ඇති බව බලවන්තලාව පොලිසිය පවසයි.


මෙහි අවාසනාවන්ත සිදුවීම වන්නේ මෙම මිය ගිය කොටියාගේ සිරුර හමුවන විටත් එහි පාද හතර, සම, සහ කොටියාගේ දත් යම්කිසි පිරිසක් විසින් කපාගෙන ගොස් තිබීමයි. 


පොලිසිය සැක කරන විදියට මෙම කොටියා දඩයම්කරුවන් විසින් සතුන් දඩයම් කිරීම සඳහා අටවන මද්දකට හසුවීමෙන් මිය යන්නට ඇති බවත් ඉන්පසු දඩයක්කරු විසින් මෙම සතා ගෙනවිත් දමන්නට ඇති බවයි. මියගිය කදුකර කොටියා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවද පොලිසිය දැනුම් දී තිබේ. 


කෙසේ නමුත් විටන් විට අභිරහස් ලෙස වැනසෙන මේ සොබාදහමේ වටිනා දායාදයන් ගැන රටේ නීතිය ලෙස මීට වඩා තදින් ක්‍රියාත්මක විය යුතුය.

නයනා උදයංගනී 


 

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Previous

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

නුවර කැළි කසළ බැහැර කරන්නන්ට මින් ඉදිරියට  නඩු Read Next

නුවර කැළි කසළ බැහැර කරන්නන්ට මින් ඉදිරියට නඩු

Realted Post

Leave a comment