”පේනා විලේ මැද ඕලූ මලේ” ගැයූ ප‍්‍රවීණ ගායක ක‍්‍රිස්ටෝපර් පෝල් දිවියෙන් සමුගනී

 

දැඩි ලෙස රෝගාතූරව 2020 වසරේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටී ප‍්‍රවීණ ගායන ශිල්පී ක‍්‍රිස්ටෝපර් පෝල් මහතා අද(18) ඇයගේ දියණියගේ නිවසේදී අභාවප‍්‍රාප්ත වී ඇත. මීට පෙර ඔහු රොහල්ගතව ප‍්‍රතිකාර ලබා ඇත්තේ මොළයට සම්බන්ධ නහරයක ලේ කැටියක් සිරවී තිබීම නිසයි. මියයන විට 87 වැනි වියේ පසුවූ ඔහු අර්ධ අංශභාග තත්ත්වයේ පසුවූ බව පැවසේ.

ගීත ගණනාවකින් මෙරට සංගීත ලෝලීන්ව සැනසූ ඔහුගේ හඩින් ගැයුණු ගීත ගණනාවක් තිබෙන අතර 1958 දී ඔහු මුල්ම වරට ගායනාකර ඇත්තේ ”පේනා විලේ මැද ඕලූ මලේ” ගීතයයි. මෙරට සංගීත කලාවේ ප‍්‍රවීණයෙකු වූ සුනිල් ශාන්තයන්ගෙන් ඔහු සංගීතය හදාරා ඇත.

මොරටුව, සුදුවැල්ල ප‍්‍රදේශයේ උපත ලබන පෝල් මහතා මේ වන විට සංගීත කලාවට දායාදකල ගීත බොහෝය. ඒ අතරින් රුවන් තොරන් තනා, පෙම් ලෝකේ පුරා, හා මල් පිපෙන්නේ, සැමදාම මේ වෙලාවේ, ඇල දොළ ගංඟා යාවි ගලා, මලක් දුටුවම, රාමා සීතා ඔබයි මමයි, රෝස මැණික මැණික මැණික, සුවිසල් මැඳුරක, විශ්වාසය නිදන් කෙරු සිතක් බිඳුණු පසු, රන් කිරුළේ, මේ කටුරොද ගම්මානේ හිනැහෙන්න හැමදාම, වතුර නාලා තෙත කොණ්ඬේ කඩා, වැනි අතිශය ජනප‍්‍රිය ගීත රැුසක් ගායනා කර තිබේ.

නයනා උදයංගනී

ද යූත්ක්වේක් Read Previous

ද යූත්ක්වේක්

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට Read Next

ළඟදීම මනාලියක් වෙන්න ඉන්න ඔයාට

Realted Post

Leave a comment