2023 වර්ෂයේ විනෝදජනකම වනජීවී ඡායාරූප එකතුව එළිදැක්වේ

Comedy Wildlife Photography Awards එහි 2023 තරඟයේ කෙටි ලැයිස්තුගත කළ පින්තූර සහ වීඩියෝ මේ වන විට හෙළිදරවු කර තිබෙනවා.  “එම ඡායාරූප සියල්ල හාස්‍යජනක හා නිසැකවම අපි මේ ලෝකය බෙදාගන්නා අපූරු වනජීවීන් ගැන කුකුසක් හෝ සිනහවක් මෙන්ම එය අපව පුදුමයට පත් කරවන්නක් වේවි" 

ලොව පුරා මෙම ජනප්‍රිය තරඟයට වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන් විසින් ඉදිරිපත් කරන ලද ඡායාරූප සහ වීඩියෝ   දහස් ගණනකින් මෙම පින්තූර තෝරාගෙන තිබෙනවා. 

හාස්‍යජනක වනජීවීන්ගේ අපූරු සංකලනයක් ඉදිරිපත් කරන ස්වාධීන ඡායාරූප, වීඩියෝ ඇතුළත් කිරීම් වල මෙම වසරේ අවසාන කෙටි ලැයිස්තුවට විවිධ සතුන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඇතුලත්ව තිබෙනවා. 

Comedy Wildlife Photography Awards සංවිධානය කරන ප්‍රහසන වනජීවී ඡායාරූප සම්මාන සහ වෘත්තීය ඡායාරූප ශිල්පීන් වන Paul Joynson-Hicks සහ Tom Sullam විසින් 2015 දී මෙය ආරම්භ කර තිබෙනවා.

වනජීවී සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ මාර්ගයක් ලෙස සහ වනජීවී ඡායාරූපකරණයේ සැහැල්ලු, හාස්‍යජනක පැත්ත කෙරෙහි අවධානය යොමු කරන තරඟයක් ලෙසයි  මෙම තරගය නිර්මාණය කර තිබෙන්නේ. 

මෙම තරගාවලියේ ජයග්‍රාහකයින් නොවැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර Read Previous

ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර

ශ්‍රී ලංකා කාන්තා පිළ පරදා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 76ක ජයක් Read Next

ශ්‍රී ලංකා කාන්තා පිළ පරදා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ලකුණු 76ක ජයක්

Realted Post

Leave a comment